කවදත් අපේ අරමුණ රටට මුල්තැන, ජනතා ප්‍රශ්නවලට විසඳුම – සජිත් ප්‍රේමදාස (VIDEO)

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ජනාධිපතිවරණය පවත්වා එක් පාර්ශ්වයක් ජය ගත් බවත් දැන් මහමැතිවරණයක් ඇති බවත් ජනාධිපතිවරණයේ පසුබැමට ලක්වු දෙවැනියට ජන්ද ගත් බලවේගයක් ලෙස හැමදාම අනුගමනය කළ වැඩපිළිවෙළ වන රටට මුල් තැන ලබා දීම ලක්ෂ 220 ජනතාවගේ ප්‍රශ්න ගැටලුවලට විසදුම් ලබා දීමට, ශක්තියක් වීම, කුහක ඊර්ෂයාකාර වෛරී ක්‍රෝධී දේශපාලන ක්‍රමයෙන් බැහැරව බංකොලොත්භාවයෙන් රට ගොඩගන්නා වැඩපිළිවෙළට යොමුවිය යුතු බවත් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

තරුණයන්ට ශක්තිය ලබා දී නව ව්‍යවසායකයන් ලෙස රටේ දියුණුව වෙනුවෙන් තරුණයන් යොදා ගැනිම හා ප්‍රශ්නවලට උත්තර ලබාදීම කළ යුතු බවත් සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය.

සජබ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ නැගෙනහිර කොළඹ බලප්‍රදේශයේ පක්ෂ ක්‍රියාකාරීන් සමග පැවති හමුවකදී ය.

ලක්ෂ ගණනින් රැකියා නොමැති සිටින විට ජාත්‍යන්තර ප්‍රජාවෙන් විදේශීය ආයෝජකයන්ගෙන් වැඩි වැඩියෙන් ආයෝජන කරන ලෙස ඉල්ලා සිටින බවත් සෘජු විදේශීය ආයෝජන රටට එනවාට කැමති බවත් රට තොරතුරු තාක්ෂණ උද්‍යාන ඇති කර තොරතුරු තාක්ෂණ අපනයන වැඩි කළ යුතු බවත් ලෝකෙට ගැලපෙන අධ්‍යාපනයක් හා සුහුරු පුරවැසියන් බිහිකළ යුතු බවත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

එමෙන්ම ජනාධිපතිවරණය අවසන්ව මහමැතිවරණය පැමිණි මොහොතේ රටේ ජනතාවගේ ප්‍රශ්න අභියෝගවලට විසදුම් දිය යුතු බවත් කතාවට පමණක් සීමා නොවි මහපොලොවේ යථාර්ථයක් වියයුතු බවත් මහමැතිවරණයට ප්‍රවේශ වන්නේ රටට ලබා දිය යුතු ප්‍රශස්ත විසදුම් ටික ජනතාවාදී ජනහිතකාමී දර්ශනයක් තුළින් බවත් නැති බැරිකම තුරන් කරන සියලු ජනයා ඇති හැකි අය බවට පත් කරන දෙපයින් නැගි සිටියහැකි අභිමානවත් ජන පරපුරක් ඇති කරන බවත් එය සමගි ජන බලවේගයේ චින්තනය බවත් ඒ මහතා තවදුරටත් පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෛද්‍ය ගල්ලන්ගොඩ සිහි කරමින් පැසිපන්දු තරගාවලියක්

නිශ්මං රණසිංහ අගෝස්තු 27, කොළඹ LNW: වෛද්‍ය ජනක ගල්ලන්ගොඩ අනුස්මරණ කුසලානය...

ටිරෝන් ද සිල්වා කුසලානය 10 වන වරටත් කැවිලියර්ස් සතු වෙයි

නිශ්මං රණසිංහ අගෝස්තු 27, කොළඹ LNW: “ටිරෝන් ද සිල්වා” අභියෝගතා කුසලානය...

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ 2026 පූර්ව අයවැය සාකච්ඡාව ජනපති ප්‍රධානත්වයෙන්!

ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට කර්මාන්ත අංශයේ දායකත්වය ඉහළ නංවා...