පිරිසිදු පාලනයක් යනු ෆැන්ටසියක්ද ?

Date:

ආණ්ඩුව විසින් පත්කරන ලද ඇතැම් අමාත්‍යාංශ ලේකම්වරුන්, මණ්ඩල සභාපතිවරුන් සහ තවතව නිලවලට පත්කල අය අතර පසුගිය ආන්ඩුවල සිටි දූෂණ චෝදනා එල්ලවූ නිලධාරීන්ද සිටින බවට චෝදනා එල්ලවේ..

මෙහිදී මම නම් මේ සම්බන්දව ආන්ඩුව විවේචනය නොකරමි.. මන්ද අදාල කර්තව්‍යය දන්නා නිලධාරීන් තෝරා සොයාගැනීමේදී ඔවුන්ව තෝරාගැනීමට වන්නේ පවතින කාඩ් කුට්ටමෙන්මය.. ඔය කුට්ටමේ කොහෙන් ඇදලා ගත්තත් ගත්ත පුත්ගලයාට මොනහෝ චෝදනාවක් තිබිය හැකිය..

ආන්ඩුවක් පත්වන්නේ කඩිමුඩියේ වැඩකිරීමට මිස පුහුණු වීමට නොවන නිසා නව නිලධාරීන් පුහුණු කිරීමට කාලය ගතද නොහැකිය.. එසේ කලද එසේ පුහුණු වන්නන්ට පුහුනුවීමට වන්නේද පරණ අය යටතේ බැවින් එසේ පුහුණුවූ නිලධාරීන්ගේ අදූෂිත බවද ප්‍රශ්ණකාරීය..

අවසානයේ වට දෙක තුනක් කැරකී ඔළුව විකාර වී යථාර්ථය මෙයම බව පිළිගැනීමට ජනතාවට සිදුවේ…

එසේම ආන්ඩුවට එල්ලවන ඊළඟ චෝදනාව නම් ආන්ඩුවේ අයගේ හිතවතුන්ද තනතුරුවලට පත්කර ඇතැයි යන චෝදනාවයි…එසේම ඒ චෝදනාවටද සාධාරණ පිළිතුරක් තිබේ. එනම් වගකිවයුතු ඉහල තනතුරු වලට විශ්වාස අය පත්කර ගතයුතු වීමයි..නමුත් මීට පෙර ආන්ඩු කලවුන් ඔවුන්ගේ ආන්ඩුවල ඉහල තනතුරුවලට සිය හිතවතුන් පත්කරගත් චෝදනාවට ඒ පිළිතුරම දුන්නොත් මෙතැන් සිට ඔවුන්ද ඒ චෝදනාවෙන් නිදහස් වේ….

අවසානයේ කිසිවක් සිදුවී නොමැත ..

ඊ ළඟට හොරු ඇල්ලීමේ චැප්ටර් එක දෙසට හැරෙමු..

වාම සන්නද්ධ ඉතිහාසයක් ඇති ආන්ඩුවක් බලයට පත්වූවිට මුලින්ම කල යුත්තේ සිය ප්‍රජාතන්ත්‍රවාදී බාවිතාව ගැන අවට ලෝකයේ විශ්වාසය දිනාගැනීමයි.. එවන් පසුබිමක ප්‍රතිවිරුද්ධ දේශපාලන කන්ඩායම් වල අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන විට පරෙස්සම් විය යුතුවේ.. එහීදී ජනප්‍රියවාදී අත් අඩංගුවට ගැනීම් කල නොහැක .. අත් අඩංගුවට ගත්තත් චෝදනා ඔප්පුකිරීමට විද්‍යාත්මක ශාක්ෂි නැති යථාර්ථයක ඔවුන් නිදහස් වී එන්නේ බොරු චෝදනා වලට හසුව පලිගැනීමට ලක්වූවන් ලෙසය ..

නාමල් උගන්ඩාවේ සල්ලි දැන් අරන් එන්නැයි ආන්ඩුවට විහිළු කරන්නේ අපටත් වඩා හොඳින් ඔවුන් ඒ යථාර්ථය දන්නා හෙයිනි..

අහසේ පාවෙන ජනප්‍රියවාද මහපොලොවට ගොඩබැස්සවූ විට සිදුවිය හැකි අලකලංචියක් ගැන අදහසක් මිස මෙය කිසිවෙකුට හෝ කල චෝදනාවක් ලෙස නොගන්න..

කීමට තව බොහෝ දෑ ඇතත් ඒ මේ මොහොත නොවන බව හැඟෙන බැවින් එවා තව මාස හතරකට පහකට කල් දමමි….

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විදුලිබල කෙටුම්පතේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය පාර්ලිමේන්තුවට!

කොළඹ LNW:විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය නියෝජ්‍ය...

සන්ටෝ ගියේ ඇයි?

නිශ්මං රණසිංහ ජුනි 30, කොළඹ LNW: නජ්මුල් හොසේන් සන්ටෝ ශ්‍රී...

හිටපු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපාට අධි චෝදනා භාරදෙයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : 2014 වසරේ එවක...

ජනාධිපති අරමුදලින් ඉෂාක් බෙග් ගේ ප්‍රතිකාර සඳහා මූල්‍ය පරිත්‍යාගයක්!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : ඉෂාක් බෙග් මහතාගේ...