විස්සයි විස්ස ලෝක කුසලානයේ බංගලාදේශ කාන්තාවෝ පළමු ජය වාර්තා කරති

Date:

සටහන – නිශ්මං රණසිංහ
ඔක්තෝබර් 04, (LNW) කොළඹ :

කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරග ඉතිහාසයේ සිය පළමු ජයග්‍රහණය වාර්තා කරන්නට බංගලාදේශයට හැකි වුණා.ඒ සකොට්ලන්ත කණ්ඩායමට එරෙහිව ලකුණු 16 ක ජයග්‍රහණයක් ලබමින්.

මෙම තරගයේ දී පළමුව පන්දුවට පහර දුන් බංගලාදේශය පන්දු ඕවර් 20 නිමාවේදී කඩුලු 7 ක් දැවී ලකුණු 119 ක් ලබා ගැනීමට සමත් වුණා.සොබානා මොස්ටර් ලකුණු 36 ක් ලබා ගනිමින් බංගලාදේශ ඉණිමේ වැඩිම ලකුණුලාභිණිය වුණා.ස්කොට්ලන්ත පන්දු යවන්නියන් අතරින් සස්කියා හෝර්ලි ලකුණු 13 ට කඩුලු 3 ක් දවා ගන්නට සමත් වුණා.

පිළිතුරු ඉණිමට පිවිසි ස්කෝට්ලන්තය වෙනුවෙන් ඉණිම අරඹන සාරා බ්‍රයිස් පන්දු ඕවර් 20 ම කඩුල්ලේ රැදෙමින් පන්දු 53 දී ලකුණු 49 ක් නොදැවී ලබා ගත්තත්,ජයග්‍රහණය අපේක්ෂාවෙන් ඇය කළ සටනට සිය සඟයන්ගෙන් අවශ්‍යය සහයෝගය ලැබුණේ නැහැ.බංගලාදේශ පන්දු රැකීම ඉතා ඉහළ මට්ටමක පැවති අතර විශේෂයෙන් ඩාර්සි කාටර් රැක ගැනීමට ෆාහිමා කාතුන් රැක ගත් උඩ පන්දුව තරගයේ තීරණයට දැඩිව බල පෑවා.බංගලාදේශ පන්දු යවන්නියන් අතරින් ලකුණු 15 ට කඩුලු 2 ක් දවා ගත් රිටු මෝර්නි තරගයේ වීරවරිය ලෙස පිදුම් ලැබුවා.

තරගයේ ලකුණු විස්තරයට පහතින් පිවිසෙන්න අවස්ථාව තිබෙනවා. https://es.pn/3NgmXNi

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උගන්ඩාවට ජයග්‍රහණ බර වැඩි කරන දුර

නිශ්මං රණසිංහ ජනවාරි 14, කොළඹ LNW: ඇමෙරිකාවේ ෆ්ලෝරිඩාවේ තලහසී නගරය...

LPL 2026 ක්‍රීඩක කෙටුම්පත් කිරිම මාර්තු 26 දා

නිශ්මං රණසිංහ ජනවාරි 14, කොළඹ LNW: එල්පීඑල් තරගාවලියේ හයවැන්න 2026...

රනිල් එක්ක ටිල්විනුත් ඇතුළට ?

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ජාතික...

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ තීන්දුව අද

සටහන - රුවන් නෙළුගොල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතාට සහ...