උඩ පංදුවක් ජීවිතයක් බිලිගනී!

0
1019

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ (LNW):

කොටගල කෙම්බ්‍රිජ් දමිළ විද්‍යාලයේ විවේක කාලයේදී ක්‍රිකට් සෙල්ලම් කරමින් සිටි සිසුවෙක් උඩ පන්දුවක් රැකීමට යාමේදී ලිස්සා ගොස් පාසල් ගොඩනැගිල්ලක බිත්තයක හිස ගැටීමෙන් බරපතළ ලෙස තුවාල වී දික්ඔය මූලික රෝහල වෙත ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර ශික්ෂණ රෝහල වෙත ගිලන් රථයකින් රැගෙන යමින් සිටියදී අද (04) දින ජීවිතක්ෂයට පත් ව ඇති බව දිඹුල පතන පොලිසිය පවසයි .

මෙසේ ජීවිතක්ෂයට පත් වී ඇත්තේ එම පාසලේ 13 වසරේ අධ්‍යාපනය ලබමින් සිටි තලවකැලේග්‍රේට් වෙස්ටර්න් වතුයායේ පදිංචිව සිටි ශිවකුමාර් නදිෂ් නැමති (18) හැවිරිදි පාසල් සිසුවෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් දිඹුල පතන පොලිසිය විමර්ශන සිදුකරනු ලබන බව වාර්තා වේ.