*
Saturday, November 23, 2024
spot_img

Latest Posts

විදෙස් ගතවීම් 10%කින් ඉහළට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ (LNW):

සැප්තැම්බර් මාසයේදී අනෙකුත් මාස වලට සාපේක්ෂව ශ්‍රී ලාංකිකයින් විදෙස් රැකියා සඳහා පිටත් ව යාම ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

කාර්යාංශය පවසන්නේ මේ වන විට විදෙස් ගතවීම් 10%කින් ඉහළ ගොස් ඇති බවයි .

2024 සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලාංකිකයින් 28,344 දෙනෙකු විදෙස් රැකියා සඳහා පිටත්ව ගොස් ඇති අතර 2023 වර්ෂයේ සැප්තැම්බර් මාසයේදී විදෙස් රැකියා සඳහා පිටත්ව ගිය ප්‍රමාණය 25,716 ක් බව සඳහන් වේ.

2024 මුල් මාස 9 තුළ විදෙස් රැකියා සඳහා යොමු වී ඇති ශ්‍රි ලාංකිකයින් ප්‍රමාණය 240,109 ක් ලෙසයි සටහන්ව ඇත.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan