Thursday, December 7, 2023
spot_img

Latest Posts

පොලිස්පති වික්‍රමරත්නගේ සේවා දිගුව ලබන සතියේ අවසන්

පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාට ලබාදී ඇති සේවා දිගුව ඔක්තෝබර් 09 වනදායින් අවසන් වීමට නියමිතව තිබේ.

2023 මාර්තු 26 වනදා සිට විශ්‍රාම යාමට නියමිතව සිටි ඒ මහතාට අවස්ථා දෙකකදී මාස තුන බැගින් සේවා දිගු ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කටයුතු කර තිබිණි.

එසේ පසුගිය ජුලි 09 වනදා සිට ලබාදුන් මාස තුනක සේවා දිගුව ලබන සඳුදායින් අවසන් වීමට නියමිත ය.

කෙසේවෙතත් නව පොලිස්පතිවරයකු පත්කිරීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි පොලිස් ආරංචිමාර්ග සඳහන් කළේ.

දේශබන්දු තෙන්නකෝන්, නිලන්ත ජයවර්ධන, ලලිත් පතිනායක යන ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් මීළට පොලිස්පති තනතුර සඳහා සුදුසුකම් ලබන ජ්‍යේෂ්ඨයින් අතර ඉදිරියෙන්ම සිටිති.

RN

Latest Posts

spot_img
spot_img

විශේෂාංග

තීරු ලිපි

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.