ගඩාෆි හිටියා නම් ලිබියාවට ගංවතුර නෑ – මහින්ද සංවේදී වෙයි !

Date:

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පහුගිය දවසක කොළඹ ලිබියානු තානාපති කාර්යාලයට ගිහිල්ලා තිබුණා. ඒ, ලිබියාවේ ගංවතුරෙන් මියගිය සහ ආපදාවට පත් ජනතාව වෙනුවෙන් ශෝක පණිවිඩයක් තියලා එන්න.

එතනදි මහින්ද මහත්තයා ලිබියානු තානාපති කාර්යාලයේ නිලධාරියෙකුට කියලා තිබුණා ලු ලිබියාවේ හිටපු ජනාධිපති කර්නල් ගඩාෆි හිටියා නම් අද ලිබියානු ජනතාවට මේ වගේ ඉරණමක් අත්වෙන්නේ නෑ කියලා.

ඊට පස්සේ මහින්ද මහත්තයා විජේරාම නිල නිවසට එනකොට එහෙට පොහොට්ටු මන්ත්‍රීලා සෙට් එකකුත් ඇවිත් ඉඳලා. ලිබියානු තානාපති කාර්යාලයට ගිය ගමන ගැන අහද්දී මහින්ද ආයෙමත් කිව්වා ලු “මම එතන හිටපු නිලධාරියෙකුටත් කිව්වා ගඩාෆි හිටියා නම් ලිබියානු ජනතාවට අද මේ වගේ අසරණ වෙන්න වෙන්නේ නෑ කියලා” කියලා.

ඊළඟට මහින්ද මහත්තයා ජනාධිපති වෙලා හිටපු කාලේ ලිබියාවට ගිය සංචාරය ගැනත් කර්නල් ගඩාෆි මහින්දට දීපු වෙල්කම් එක ගැනත් අතීත කතාව එළියට ඇදිලා. මහින්ද බොහෝම සංවේදීව සිහිපත් කළා ලු ගඩාෆි තමන්ව ඉහළම විදියට පිළිගත්තු එක ගැනයි, ගඩාෆිගේ පුටුවේම ඉන්දවා ගත්තු එක ගැනයි, කරට අත දාගත්තු එක ගැනයි, ඒ ෆොටෝ එක මාධ්‍යවල ජනප්‍රිය වෙච්ච එක ගැනයි.

ඒ වගේම ගඩාෆි මහින්දට පුද්ගලිකවම දීපු විශේෂ තෑග්ගක් ගැනත් එතනදී කියවිලා තියෙනවා ලු. ඒ, ගඩාෆි මහින්ද වෙනුවෙන්ම ඇණවුම් කරවලා හදවපු ඉතාම වටිනා රොලෙක්ස් අත් ඔරලෝසුවක්. ඒ ඔරලෝසුවේ ඇණවුම ගඩාෆි පුද්ගලිකව තමන්ගේ නමින්ම අදාළ සමාගමට දීලා තිබුණා කියලා පස්සේ කාලෙක දැනගන්න ලැබුණා කියලාත් එතන හිටපු නිලධාරියෙක් කිව්වා ලු.

කොහොම වුණත් මේක අහපු ගමන් මතක් වුණේ “අපේ කාලෙ නම් මෙහෙම වුණෙ නෑ අපෙ හාමුදුරුවනේ …” කතාව. මේක ඒකේ ඉන්ටනැශනල් වර්ෂන් එක වගේ ….

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...