මහනුවර නගරවාසීන්ට ඉදිරියෙදි රුසියානු භාෂා පුහුණුව!

Date:

නදීක දයා බණ්ඩාර – මහනුවර

රුසියානු භාෂා ඉගැන්වීමේ මධ්‍යස්ථානයක් මහනුවර නගරය කේන්ද්‍ර කොට ඉදිරියේදී ස්ථාපිත කරන බව කඳුරට රුසියානු මිත්‍රත්ව සංගමයේ සභාපති වෛද්‍ය අතුල අධිකාරී මහතා පවසයි.

ශ්‍රී ලංකා රුසියානු මිත්‍රත්වය තහවරු කිරීම සඳහා සිය සංගමය සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්වරුන්ගේ සම්පත් දායකත්වයෙන් මෙහි භාෂා පාඨමාලා දියත් කරන බව ඒ මහතා කීවේය.

කදුරට ශ්‍රී ලංකා රුසියානු මිත්‍රත්ව සංගමය සහ මහනුවර ඩී.එස්.සේනානායක මහජන පුස්තකාලය එක්ව මහනුවර ඊ.එල්.සේනානායක ළමා පුස්තකාල ශ්‍රවණාගාරයේදී අද (04) සංවිධාන කළ රුසියානු සාහිත්‍ය වැඩසටහනේදී ඒ මහතා මේ බව සඳහන් කළේය.

ශ්‍රී ලංකා රුසියානු සහයෝගය ශක්තිමත් කිරීම සඳහා යෝජිත රුසියානු මධ්‍යස්ථානය මගින් භාෂා, සංස්කෘතික, ආර්ථීක සහ කලාපීය දැනුම ලබාදීමේ වැඩසටහන් දියත් කරන බවත් ඊට සමගාවීම රුසියානු සාහිත්‍ය පරිශ්‍රීලය සඳහා වැඩි අවස්ථාවක් ලබා දෙන බවත් ඒ මහතා සැමරුම් උත්සවයේදී ප්‍රකාශ කළේය.

රුසියානු සාහිත්‍ය ශ්‍රී ලංකාවට හදුන්වාදීමේදී ඩබ්ලියු.ඒ.අබේසිංහ, සිරිල් සී. පෙරේරා,දැදිගම රොද්‍රිගූ වැනි පරිවර්ථන කර්තෘන් විශාල මෙහෙවරක් කළ බව කී ඒ මහතා රුසියානු සාහිත්‍ය ඒ අයුරින් මෙරට භාෂාවට පරිවර්ථනය කිරීමෙහිලා ඔවුන් දැක්වූ පරිණතභාවය වෙසෙසින් අගය කළ යුතුව ඇතැයි ද කීහ.

දෙවන ලෝක යුද සමයෙන් පසු රුසියානු දියුණූවට මෙන්ම ශ්‍රී ලංකාව වැනි රටවල දියුණුව සඳහා සෝවියට් දේශයේ සෘජු බලපෑමක් ලැබුණු බව ද හෙතෙම සඳහන් කළේය.

මහා කවි ඇලෙක්සැන්ඩර් පුෂ්කිං, ලියෝ ටෝල්ස්ටෝයි, ඇන්ටන් චෙකොෆ් සහ මැක්සිම් ගෝර්කි වැනි සාහිත්‍යධරයන් මෑත කාලීනව ශ්‍රී ලංකාවේ සාහිත්‍ය තුළ යම් වෙනසක් කිරීමට දායක වූ බව ද කඳුරට රුසියානු මිත්‍රත්ව සංගමයේ සභාපති වෛද්‍ය අතුල අධිකාරී මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මහනුවර නාගරික කොමසාරිස් ඉෂාන් විජේතිලක, ඩී.එස්.සේනානායක මහජන පුස්තකාලයේ ප්‍රධාන පුස්තකාලාධිපති එච්.එම්.ඒ.හේරත් යන මහත්වරුන් මෙහිදී අදහස් දැක්වීය.

මහනුවර හිටපු පුරපති කේසර සේනානායක, හිටපු නියෝජ්‍ය පුරපති ඉලාහී ආබ්දීන්, ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය පසන් ජයසිංහ යන මහත්වරුන් ඇතුලු පිරිසක් මෙ අවස්ථාවට එක්වූහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා ක්‍රිකට් විශ්ව විද්‍යාලයට යයි

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: රාජ්‍ය විශ්වවිද්‍යාලය 16 ට...

අධිකරණ නියෝග මත ඉන්දියාවෙන් පිටුවහල් කළ සැකකරුවන් තිදෙනෙකු යළි මෙරටට !

රෂිකා හෙන්නායක ජූනි 04, කොළඹ LNW : මෙරට අධිකරණවලින් ඇප...

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...