*
Tuesday, May 14, 2024
spot_img

Latest Posts

රනිල් වික්‍රමසිංහ ගෝඨාභයට ඇඳීම සාධාරණීකරණය කළ හැකිද ?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජර්මනියේ DW රූපවාහිනී නාලිකාවත් එක්ක කරපු සම්මුඛ සාකච්ඡාවේදී හැසිරුණු ආකාරය ගැන සමාජ මාධ්‍ය තුළ ලොකූ සංවාදයක් හටගෙන තියෙනවා. රනිල් හිතවාදීනුත්, රාජපක්ෂ කඳවුරේ අයත් මේක මාරයි කියලා කොතරම් ගොඩදාන්න හැදුවත් රාජ්‍ය නායකයෙක් හැටියට ඒ හැසිරීම සාධාරණීකරණය කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නය ගැනයි මේ සටහන.

එක්සත් ජාතික පක්ෂයට එකම එක දිස්ත්‍රික්කයකින්වත් එක පාර්ලිමේන්තු ආසනයක්වත් දිනාගන්න බැරිවෙලා, ලංකාවේම ඡන්ද එකතු වුණාම හැදුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් පාර්ලිමේන්තු ආපු රනිල්ට රටේ ජනාධිපති වෙන්න අවස්ථාව ලැබුණේ ඇයි ? ගිය අවුරුද්දේ රටේ පුපුරා ගියපු ආර්ථික අර්බුදය කියන්නේ රට ඇතුළෙන් විසඳාගන්න පුළුවන් එකක් නෙවෙයි. ඒ, ඊට හේතුවුණේම විදේශ ණය ගෙවීම පිළිබඳ ප්‍රශ්නයක් නිසා. එතකොට ජාත්‍යන්තරයත් එක්ක ඉතාම හොඳින් ගනුදෙනු කළ හැකි නායකයෙක් රටට අත්‍යාවශ්‍ය වෙලා තිබුණා. රාජපක්ෂ ආණ්ඩුවේ එහෙම කෙනෙක් කොහෙත්ම නෑ කියන එක ස්ථිර නිසා තමයි රනිල්ට තමන්ට කවදාවත් ඡන්දයෙන් ගන්න බැරිවුණු ජනාධිපතිකම ඒ මොහොතේ ලැබුණේ.

රනිල්ට තමන්ගෙ දේශපාලන ඉතිහාසය ඇතුළේ කවදාවත් ලංකාවේ ජනතාවගෙන් පැහැදිලි ජනවරමක් ලැබුණේ නෑ. එහෙම තිබුණත් ලංකාවේ මිනිස්සුන්ට පොඩි අදහසක් තිබුණා රනිල් කියන්නේ ජාත්‍යන්තරය එක්ක හොඳින් ගනුදෙනු කරන්න පුළුවන්, ඒ කලාව හරියටම දන්න, ඒ වැඩේට දක්ෂ නායකයෙක් කියලා.

ඒත් රනිල් DW සම්මුඛ සාකච්ඡාවේදී කළේ ඒ අදහසත් කටුගාලා දාලා කෙළින්ම ගෝඨාභය රාජපක්ෂට ඇඳපු එක. ගෝඨාභය රාජපක්ෂ කාලෙකට කලින් බීබීසී සම්මුඛ සාකච්ඡාවකදී “හූ ඊස් ලසන්ත” කියලා අහමින් නටපු නාඩගමම තමයි රනිල් වික්‍රමසිංහත් DW සම්මුඛ සාකච්ඡාවේදී “හූ ආ යූ” කියලා අහමින් නැටුවේ ….

රනිල් කියන්නේ ලංකාවේ අවසන් රාජ්‍යතාන්ත්‍රික දේශපාලනඥයා ය කියලා කතාවක් ලංකාවේ ලිබරල්වාදීන් අතර හරි තිබුණා. රනිල් මෙතනදී කළේ ඒ මිනිස්සුන්ටත් කනට ගහපු එක.

ඇත්තෙන්ම ඔය වැඩේ රාජපක්ෂලා හෝ රාජපක්ෂ කඳවුරේ වෙන කෙනෙක් හෝ කළා නම් ඕක කතාවකට මාතෘකාවක්වත් නෙවෙයි, ඒත් රනිල් මෙතෙක් තමන්ගේ දේශපාලන ගමන තුළ තමන් හම්බ කළගත් ඔක්කොම එකම එක මාධ්‍යවේදියෙක් ඉස්සරහා තමුන් විසින්ම විනාශ කරගත්තාම ඒක කතා කරන්න සිද්ධ වෙන දෙයක්.

ඔය “බටහිර ඔක්කොම රටවල් බලාගෙන ඉන්නේ අපට කෙළින්නය” කියන එක ජාතිකවාදීන්ට තියෙන ලෙඩක්. මොකද, එයාලාට අනුව ලෝකය කැරකෙන්නේ එයාලාගෙ වටේ නිසා. නමුත් අඩුම ගාණෙ පහුගිය සතිය වනතුරුවත් රනිල් ඔය ජාතියේ ලෙඩෙක් කියලා පෙන්නුවේ නෑ. නමුත් ඔහු DW සම්මුඛ සාකච්ඡාවේදී බටහිර හැමෝම එකයි කියලා ඉරක් අඳිනවා. එතකොට ණය ප්‍රතිව්‍යුහගතකරණයට අපට උදව් කරන්න ඉදිරිපත් වුණු පැරිස් සමාජයේ රටවල් කොහෙද ? චීනය මෙතෙක් ප්‍රශ්න දාද්දී පවා ලංකාවේ අර්බුදයට විසඳුම් හොයලා දෙන්න සූදානම් වුණු ඒ හැමෝම රනිල් තනි ඉරකින් කපලා දැම්මා. ඕකෙ ප්‍රශ්නය තවත් තීව්‍ර වෙන්නේ රනිල් මේ මාසය ඇතුළත චීනයේ සංචාරයකත් නිරත වෙන්න නියමිත වීම ඇතුළේ. ඔය කතාව ඡන්දෙන් පැරදිලා හිටපු එජාප නායක රනිල් වික්‍රමසිංහගේ හෝ එජාප ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහගේ එකක් වුණා නම් ඒකත් කමක් නෑ කියමුකෝ. ඒත් මේ කතාව කියන්නේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයා.

ලබන අවුරුද්දේ ජනාධිපතිවරණයක් පවත්වන්න නියමිතයි. රනිල් ඒකට ඉදිරිපත් වෙන්න අනිවාර්යයෙන්ම සූදානමින් ඇති. ඒකට එයාට රාජපක්ෂ කඳවුරේ අනුගාමිකයින්ගේ පක්ෂපාතීත්වය දිනාගන්න ඕනෙ වෙනවා තමයි. හැබැයි එයා ඒක කරන්න හදන්නේ තමන් මෙතෙක් දේශපාලනයෙන් උපයාගත්තු සියල්ල පරදුවට තියලා නම්, ඕකෙන් අන්තිමේ වෙන්නේ රනිල්ටත් මොකුත්ම නැතිවෙලා රටටත් මොකුත්ම නැතිවෙන එකයි. ඒක විතරමයි …

රනිල් ඔය පෙන්නපු හැසිරීම හොඳටම කරපු ගෝඨාභයට අන්තිමේ රටින් පැනලා ගිහින්, ඉන්න රටකුත් නැති තත්වයක් තමයි උදාවුණේ. රනිල් ඒක මතක තියාගෙන දේශපාලන කරනවා නම් ඒක රනිල්ටත් හොඳයි, රටටත් හොඳයි.

~ දර්ශන වීරසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan