Tuesday, December 12, 2023
spot_img

Latest Posts

රජයේ රෝහල්වලට පැමිණීම 40%ක් වැඩිවෙලා – මධ්‍යම පන්තියට තවදුරටත් පෞද්ගලික රෝහල්වලට යන්න බැහැලු!

කොළඹ LNW:පසුගිය කාලය වන වන විට රජයේ රෝහල් වෙත ප්‍රතිකාර සඳහා පැමිණෙන සංඛ්‍යාව 40%කින් ඉහළ ගොස් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසුවේය.

ඒ, අද (04) පාර්ලිමේන්තු විවාදයට එක්වෙමිනි.

රජයේ රෝහල්වලට නොයන ලෙස විවිධ මතවාද ගෙන ගියද සමස්තයක් ලෙස රජයේ රෝහල් කරා පැමිණීම වැඩි වී තිබෙන බව අමාත්‍යවරයා කියා සිටියි.

එමෙන්ම නේවාසික රෝගීන්ගේ පැමිණීමද 27%කින් වැඩි වී තිබෙන බව ඔහු කියාසිටියේය.

මෙයට හේතුව ලෙස තමන් දකින්නේ තවදුරටත් මැද පන්තියට සහ ඉහළ මැද පන්තියට පෞද්ගලික රෝහල් වෙත යාම දරාගැනීමට නොහැකි තැනට පත්වීම බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ඒ අනුව දැනට රජයේ රෝහල් වෙතින් සපයන සේවාවම පවත්වාගෙන යාම සඳහා අයවැයෙන් තවත් 30%ක 40%ක ප්‍රතිපාදන වැඩිවීමක් අවශ්‍ය බවයි හෙතෙම වැඩිදුරටත් පැවසුවේ.

ASK

Latest Posts

spot_img
spot_img

විශේෂාංග

තීරු ලිපි

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.