ගිනිඅවි සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක් !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

සිවිල් පුද්ගලයින්ට ජීවිතාරක්ෂාව සඳහා නිකුත් කර ඇති සියලූම ගිනිඅවි සහ පතරොම් නැවත ලබාගැනීමට ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඒ අනුව එම ගිනිඅවි සහ පතරොම් නොවැම්බර් 7 වන දාට පෙර ශ්‍රී ලංකා නාවික හමුදාවේ වැලිසර පිහිටි රජයේ වාණිජ පුපුරණ ද්‍රව්‍ය ගබඩාව වෙත භාරදෙන ලෙස සියලුම බලපත්‍රලාභීන්ට දැනුම් දී ඇත.

සමාලෝචනයකින් සහ අවශ්‍යතාවය කුමක්දැයි සොයා බැලීමෙන් අනතුරුව නැවත එම ගිනිඅවි ලබාදීමට නියමිත බවයි ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කර ඇත්තේ.

කෙසේවෙතත් මෙය දේපල ආරක්‍ෂාව / වගා හානි ආරක්‍ෂාව හා ක්‍රීඩා කටයුතු සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශය මඟින් නිකුත් කර ඇති ගිනි අවි සඳහා අදාළ නොවන බවත් දැනුම් දී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

28 වැනි ආසියා පැසිපික් සමාජ වැඩ සමුළුව කොළඹදී!

කොළඹ LNW:ආසියා පැසිපික් සමාජ සේවක ජාත්‍යන්තර සම්මේලනය සහ සමාජ...

සුළු හා මධ්‍ය පරිමාණ අපනයනකරුවන්ගේ සැඟවුණු කතාව!

රෂිකා හෙන්නායක නොවැම්බර් 19, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ඇඟලුම්...

ලෝකයේ හොඳම මලල ක්‍රීඩා පරිපාලනයට රටවල් හයක තරගයක්

නිශ්මං රණසිංහ නොවැම්බර් 19, කොළඹ LNW: ලෝක මලල ක්‍රීඩා සම්මාන...

ඔබ ඒ සිහින අරගන්න, ක්ෂමාවේ ශාන්තිය මට දෙන්න ….

ඔබ මේ ලිපිය කියවිය යුත්තේතව වසර විස්සකට පසුවයි.ඔබ එවූ...