ඉන්දීය සහන රැසක් මෙරටට!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ (LNW):

කන්කසන්තුරේ වරාය නවීකරණය කිරීමට, ඇ. ඩො. මි. 61.5 ක ප්‍රදානයක් ලබාදීමට ඉන්දියාව ඉදිරිපත් වී ඇති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා සඳහන් කර තිබේ.

එක්දින නිල සංචාරයකට දිවයිනට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් ජනාධිපති, අගමැතිනිය සහ විදේශ කටයුතු අමාත්‍යවරයා හමුවී සාකච්ඡා පැවැත්වූ අතර ඒ සම්බන්ධයෙන් මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිකුත් කළ නිවේදනයේ ඒ බව දැක්වෙයි.

තවද, නිම කරන ලද ය රේඛීය ව්‍යාපෘති 7ක් සඳහා ඇ.ඩො. මිලියන 20ක ගෙවීම් ප්‍රදාන බවට පරිවර්තනය කළ හැකි බවත් ශ්‍රී ලංකා දුම්රිය සේවයට ඩීසල් දුම්රිය එන්ජින් 22ක් තෑගි කිරීමට ඉන්දියාව තීරණය කර තිබෙන බවත් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා මෙහිදී පවසා තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්!

"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට...

ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා...

9 දා බැරිවෙච්චි අයට, 11 දා FREE.

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන්...

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...