හොංකොං රජයෙන් නව තීරණයක්!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

හොංකොං රජය විසින්, කෘත්‍රිම බුද්ධියෙන් ක්‍රියාත්මක වන මුහුණු හඳුනා ගැනීමේ කැමරා හැටදහසක් රට පුරා සවි කිරීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ වනවිටත් , පොලිස් අපරාධ මැඩලීමේ වැඩසටහනක් යටතේ සීසීටීවී කැමරා 4,000ක් හොංකොං මූල්‍ය කේන්ද්‍රස්ථානයේ සවිකර තිබෙන බව සඳහන් වේ.

රජය තීරණය කර තිබෙන්නේ, ව්‍යවස්ථාදායකයට ඉදිරිපත් කළ යෝජනාවකට අනුව 2028 වසර වනවිට එම සංඛ්‍යාව 60,000ක් දක්වා වැඩි කිරීමටයි .

එරට පොලීසිය පවසන්නේ, 2024 වසරේ අපරාධ මැඩලීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම හේතුවෙන් සීසීටීවී කැමරා භාවිත කර නඩු 400කට වැඩි ප්‍රමාණයක් විසඳීමට සහ අත්අඩංගුවට ගැනීම් 787ක් සිදුකිරීමට හැකිවූ බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්!

"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට...

ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා...

9 දා බැරිවෙච්චි අයට, 11 දා FREE.

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන්...

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...