විමල් නොදන්න සිරස දන්න පොලීසියේ කැඳවීම ?

Date:

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට හෙට (06) පෙරවරු 10.00 ට තංගල්ල පොලීසිය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇති බවට පුවතක් සිරස රූපවාහිනී නාලිකාව විසින් ඊයේ (04) විකාශය කර තිබිණි.

බෙලිඅත්තේ සනා නමැති පාතාල ක්‍රියාකාරිකයා සම්බන්ධයෙන් මාධ්‍යයට කළ ප්‍රකාශයක් පිළිබඳ කරුණු විමසීම සඳහා මෙසේ වීරවංශ මහතාට තංගල්ල පොලීසියට පැමිණෙන ලෙස දැනුම් දී ඇති බවයි සිරස රූපවාහිනී නාලිකාව එහිදී සඳහන් කර තිබුණේ.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී විමල් වීරවංශ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ තමන්ට එවන් දැනුම් දීමක් ලැබී නොමැති බවත් පොලීසිය තමන්ට එවැනි කිසිවක් දැනුම් දී නොමැති බවත් ය.

මේ අතර විමල් වීරවංශ මහතාව වහාම අත් අඩංගුවට ගන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටින බව නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා පෙරේදා දිනයේදී මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබිණි.

සබැඳි පුවත් –

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වත්මන් රජය පිළිබදව ජාත්‍යන්තරයෙන් දැඩි විශ්වාසයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW : ජනතාව රජයට ගෙවන...

පිලිපීනයේ කුණු කන්දක් කඩා වැටීමෙන් එක් අයෙකු මියගොස් 38 දෙනකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පිලිපීනයේ සෙබු නගරයේ...

ආපදා කළමනාකරණ සැලසුමකට සජිත්ගෙන් නව යෝජනාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රැකියා විරහිත උපාධිධාරීන් ද උපයෝගි කර ගෙන...

ජොන්ස්ටන් ඇතුළු පිරිසට අදත් ඇප නෑ..

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW : රක්ෂිත බන්ධනගාරගතව...