නේපාලයට බලපෑ අධික වර්ෂාව හේතුවෙන් අවම වශයෙන් 47 දෙනෙකු ජිවිතක්ෂයට

Date:

සටහන: සශිකලා මධුෂාණි

ඔක්තෝබර් 05: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : නේපාලයට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඇතිවූ නායයෑම් සහ හදිසි ගංවතුර හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 47 දෙනෙකු ජිවිතක්ෂට පත්ව ඇති බව වාර්තා වේ.

රටේ පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් මේවන විට එරට ස්වදේශ කටයුතු අමාත්‍යාංශය එළඹෙන සඳුදා හා අඟහරුවාදා යන දෙදින රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර කත්මණ්ඩු අගනුවර, බග්මති, ගන්දකි, ලුම්බිණි සහ මාදේෂ් පළාත් වෙනුවෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව රතු අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇත.

නායයෑම් හේතුවෙන් කත්මණ්ඩු වෙත යන සියලුම මාර්ග අවහිර වී ඇති අතර මිදුම් අධික වර්ෂාපතනය හේතුවෙන් දේශීය ගුවන් ගමන් අත්හිටුවා ඇත.

වසරේ ජුනි මැද භාගයේ ආරම්භ වී සැප්තැම්බර් මැද භාගය දක්වා පවතින මෝසම් සමයේදී කඳුකර නේපාලයේ නායයෑම් සහ හදිසි ගංවතුර බහුලව දක්නට ලැබෙන අතර මේ හේතුවෙන් සෑම වසරකම සිය ගණනක් මිනිසුන් මිය යන අතර එය සාමාන්‍යයෙන් සෑම වසරකම පාහේ සිදු වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බෙංගාල බොක්කේ නව අඩුපීඩන කලාපයක් නිර්මාණය වීමේ ලකුණු – අද (20) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල නොවැම්බර් 22 දින පමණ වනවිට ගිනිකොණදිග...

විෂ මත්ද්‍රව්‍යට එරෙහිව ජනපති අනුරගේ දැවැන්ත රැලිය අද තංගල්ලේදී

සටහන - රුවන් නෙළුගොල්ල විෂ මත්ද්‍රව්‍යට එරෙහි "රටම එකට" ජාතික...

හිටපු ජනපති රනිල්ට ඉහළ අධිකරණයක නඩු – නීතිපති දැනුම් දෙයි

සටහන - රුවන් නෙළුගොල්ල 2023 වසරේදී ලන්ඩනයේ සිදුකළ සංචාරයක් සඳහා...