එක්සත් රාජධානියේ RAF Fairford කඳවුරෙන් ඇමරිකානු බෝම්බ ප්‍රහාරක යානා සියල්ල ඉවත් කර නැවත ඇමරිකාවට යවයි

සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 05:
ලන්ඩනයට කිලෝමීටර් 160ක් පමණ බටහිර දෙසින් පිහිටා ඇති මැදපෙරදිග ඇමරිකානු හමුදා මෙහෙයුම් සඳහා දිගු දුර බෝම්බ ප්‍රහාරක යානා යොදාගැනීමේ වැදගත් කඳවුරක් ලෙස සැලකෙන RAF Fairford ගුවන් හමුදා කඳවුරෙන් ඇමරිකානු බෝම්බ ප්‍රහාරක යානා සියල්ලම ඉවත් කර නැවත ඇමරිකාව වෙත යවා තිබේ.

මෙම පියවර ගෙන ඇත්තේ එම ගුවන් හමුදා කඳවුර ඉලක්ක කරමින් සැලසුම් කළ බවට සැක කෙරෙන ත්‍රස්ත ක්‍රියාමාර්ගයක් සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය ආරක්ෂක අංශ සිදුකරන විමර්ශන අතරතුරය.

ඇමරිකානු ආරක්ෂක අංශ සඳහන් කර ඇත්තේ RAF Fairford කඳවුරේ ස්ථානගත කර තිබූ සියලුම ඇමරිකානු බෝම්බ ප්‍රහාරක යානා මේ වන විට ඔවුන්ගේ ඇමරිකානු කඳවුරු වෙත නැවත යොමු කර ඇති බවයි. එහි B-1 වර්ගයේ බෝම්බ ප්‍රහාරක යානා දුසිමකට ආසන්න සංඛ්‍යාවක් ස්ථානගත කර තිබූ බව වාර්තා වේ.

මෙම ගුවන් යානා මෑත කාලයේ ඉරානයට එරෙහි ඇමරිකානු හමුදා මෙහෙයුම් සඳහා RAF Fairford කඳවුර භාවිත කරමින් සිටි බවද වාර්තා වේ.

කඳවුර ආසන්නයේ සැකකට ලක්වූ සිද්ධියක් සම්බන්ධයෙන් පසුගිය සැප්තැම්බර් 27 වැනිදා පුද්ගලයන් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබූ අතර, පසුව ඔවුන් ඇප මත මුදා හැර තිබේ. අනතුරුව බ්‍රිතාන්‍ය සහ ඉරාන ද්විත්ව පුරවැසිභාවය හිමි පුද්ගලයෙකුද මධ්‍යම ලන්ඩනයේදී අත්අඩංගුවට ගනු ලැබුවේ ත්‍රස්ත ක්‍රියාවක් සඳහා සූදානම් වූ බවට සැකපිටය.

බ්‍රිතාන්‍ය බලධාරීන් විසින් මෙම සිද්ධියට ඉරානයේ සම්බන්ධයක් තිබිය හැකි බවට සැක පළ කර ඇති අතර, බ්‍රිතාන්‍ය අගමැතිවරයාද ඉරානය සම්බන්ධ බවට “ප්‍රබල ඉඟි” පවතින බව පවසා තිබේ.

කෙසේ වෙතත්, එම චෝදනා ඉරානය විසින් ප්‍රතික්ෂේප කර ඇති අතර, සිද්ධියට ඉරාන රජයේ කිසිදු සම්බන්ධයක් නොමැති බව පවසමින් එම චෝදනා පදනම් විරහිත බව ඉරාන බලධාරීන් ප්‍රකාශ කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

IMF හත්වෙනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම යටතේ...

ආණ්ඩුව ඩබල් කැබ් 1000ක් මිලදී ගැනීමට ටෙන්ඩර් කැඳවයි !

නවීන මාදිලියේ ඩීසල් ඩබල් කැබ් රථ 1,000ක් මිලදී ගැනීමට...

බ්‍රසීල ජනාධිපතිවරණය දෙවන වටයට; පළමු වටයේ ජය ෆ්ලේවියෝ බොල්සොනාරෝට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 05: ඊයේ(04) පැවැති...

පේරාදෙණිය – කොටුව සීඝ්‍රගාමී දුම්රිය කඩිගමුවෙන් පීලි පනී

සටහන - රුවන් නෙළුගොල්ල පේරාදෙණියේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය...