ඉන්ධන හිඟයක් නෑ, කලබල වෙන්න එපා CPPTOA මහජනතාවගෙන් ඉල්ලයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW :

ඉන්ධන සැපයුමේ කිසිදු හිඟයක් හෝ බාධාවක් නොමැති බවට සහතික වෙමින්, කලබල වී ඉන්ධන මිලදී ගැනීමෙන් වළකින ලෙස ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය (CPPTOA) අද (05) මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.

සමහර ඉන්ධන පිරවුම්හල් විසින් නියමිත වේලාවට ඉන්ධන ඇණවුම් සිදු නොකිරීම හේතුවෙන් ප්‍රධාන වශයෙන් එම ස්ථානවල පෝලිම් දක්නට ලැබුණු බව එම සංගමයේ සභාපති ඒ.එම්.එච්. අධිකාරි මහතා ‘ මාධ්‍යට පැවසීය.

ඉන්ධන ප්‍රවාහන කොමිස් ගාස්තු සම්බන්ධයෙන් සංගමය තුළ පවතින ගැටලු පිළිබඳව අදහස් දක්වමින් අධිකාරි මහතා සඳහන් කළේ, පවතින කොමිස් ගණනය කිරීමේ ක්‍රමවේදය (formula) සංශෝධනය විය යුතු බවයි.

වතුකරය සහ දකුණු පළාතේ ප්‍රදේශ සඳහා වන ප්‍රවාහන කොමිස් ගාස්තු වත්මන් ක්‍රමවේදය තුළ සැලකිල්ලට ගෙන නොමැති බව ඔහු පැවසීය.

“මේ සම්බන්ධයෙන් සංගමය විසින් ඉල්ලීමක් ඉදිරිපත් කර ඇති අතර, මග හැරී ඇති කොමිස් අංග ද ඇතුළත් කරමින් එම ක්‍රමවේදය සංශෝධනය කිරීමේ කටයුතු මේ වන විට සිදු වෙමින් පවතී,” යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.

ප්‍

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපානයේ ප්‍රබල භූමිකම්පාවක් – 20කට අධික පිරිසකට තුවාල

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 08: ජපානයේ මධ්‍යම ප්‍රදේශයට...

මොකක්ද ආණ්ඩුවේ සූදානම? බොරු සාක්ෂි හදලා හරි විපක්ෂය මර්දනය කරන්නද හදන්නෙ? නාමල් ප්‍රශ්න කරයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 08, කොළඹ LNW: තිබ්බ බදු ප්‍රමාණයටත් වඩා...

මුහුදෙන් ගොඩබිමට මාරු වූ ඇමරිකා-ඉරාන ගැටුම..

රෂිකා හෙන්නායක නොවැම්බර් 08, කොළඹ LNW: මැදපෙරදිග කලාපයේ සහ හෝමුස්...

ශ්‍රී ලන්කන් ගුවන් සේවය රු.බි.35.6ක පාඩුවක් ලැබූවේ ඇයි?

රෂිකා හෙන්නායක නොවැම්බර් 08, කොළඹ LNW: 2008 වසරේදී රුපියල් බිලියන...