*
Saturday, September 28, 2024
spot_img

Latest Posts

පාර්ලිමේන්තුවේ බොරුවට කෑගහනවාට වඩා කංසා වවනවා නම් ඒකත් හොඳයි – ඩයනා (VIDEO)

පාර්ලිමේන්තුව අසල ඇති අක්කරයක ඉඩමක නියමු ව්‍යාපෘතියක් වශයෙන් කංසා වගාවක් අරඹන ලෙස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පසුගියදා එල්ල කළ අභියෝගයට අදාළව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පිළිතුරු ලබාදී තිබේ.

“ඇත්තටම මේ පාර්ලිමේන්තුවේ දැන් වෙලා තියෙන දේවල්වල හැටියට ඇත්තටම මට වගා කරන්න පුළුවන් නම් මේ රටට යමක් කරන්න මේකෙන් වෙනවාට වැඩිය, ඊට වඩා හොඳයි. ඔය වගේ කෑගහපු අය කරන්නෙ මේ වගේ සංඛ්‍යාලේඛන ගේනවා. ගෙනල්ලා මේං මේං කියකිය දෙපැත්තෙ හිටගෙන කෑගගහා පෙන්නනවා. ඔය සංඛ්‍යාලේඛන වලින් මේ රටේ ජනතාවට අද කළේ මොකක්ද ? ඔය අපි කතා කරන ආර්ථික ඔස්තාර්ලා නෙ ඔය … අද රට බංකොලොත් වුණේ ඇයි ? ඔය ආර්ථික ඔස්තාර්ලා හිටියෙ නැද්ද ගිය ආණ්ඩුවල ? ඇමතිකම් කළේ නැද්ද ? එතකොට ඇයි අද මේ තත්වයට ජනතාව පත්වුණේ ? මේගොල්ලො මේ සංඛ්‍යාලේඛන පෙන්න පෙන්නා හිටියා. මේ රටට අද මේ සංඛ්‍යාලේඛන සත පහක වැඩක් නෑ. මේ රටේ ජනතාවට අද අප්‍රසන්නයි සංඛ්‍යාලේඛන. අද රට බංකොලොත් වෙලා තියෙන හේතුව මේකයි. මෙච්චර තමයි මේගොල්ලො පාර්ලිමේන්තුවේ කරලා තියෙන්නෙ. අදටත් කරන්නෙත් ඔච්චරයි. මට කියන්න ඔය හර්ෂ ද සිල්වා මන්ත්‍රීතුමා එක යෝජනාවක් ගෙනල්ලා තියෙනවාද රටට ඩොලර් හොයන ක්‍රමයක් ගැන ? අද අපට ඕනෙ කරන්නෙ ඔය පොත්පත්ද, අපි ප්‍රායෝගික වෙන්න ඕනෙ නැද්ද මේ රට ගොඩගන්න ? අපි මේ රාමුවෙන් එළියෙ හිතන්න ඕනෙ නැද්ද ? ඇත්තම කිව්වොත් අපි ඉන්ඩස්ට්‍රියල් මේක කරන්න ගත්තොත් ඔය පාර්ලිමේන්තුව අරගෙන වගාකරන්න ඕනෙ තමයි”

ඩයනා ගමගේ අමාත්‍යවරිය මේ බව පැවසුවේ හිරු රූපවාහිනී නාලිකාවෙහි දේශපාලන සංවාදයකට එක්වෙමිනි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan