දුම්රිය ගමන්වාර 78ක් අවලංගු වෙලා!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): පවතින වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන්, කොළඹ කොටුව සිට මඩකලපුව බලා ධාවනය වන මීනගයා දුම්රිය සහ ගාල්ල බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

මෙලෙස ඊට අදාළ වෘත්තීය සමිතිය අසනීප නිවාඩු වාර්තා කර ඇත්තේ, දුම්රිය උප නියාමකවරයෙකුට පහරදීමේ සිදුවීමක් මූලික කරගෙනය.

කෙසේ වෙතත් ඉහත සඳහන් දුම්රිය දෙක හැර අනෙකුත් ප්‍රදේශවල ධාවනය වන තැපැල් දුම්රියයන් සාමාන්‍ය පරිදි ධාවනය වනු ඇති අතර ,මේ වනවිට ඉහත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් දුම්රිය ගමන්වාර 78ක් පමණ අවලංගු වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව දන්වයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ටෝකියෝ හිදී රිද්මය සොයාගත් Leylah Fernandez පෑන් පැසිෆික් ඕපන් අවසන් සටනට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ක්‍රීඩා පිටියේදී එල්ල...

TIN අංකය අනිවාර්ය කිරීමේ නව නීති

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ දේශීය...

දත්ත අවියක් කර ගැනීම : මැතිවරණවල නීත්‍යානුකූලභාවය නැති කිරීමට ව්‍යාජ දත්ත භාවිත වන ආකාරය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : නූතන ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය...

තුන්කොන් සටනේ අවසන් මහා තරගය: පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අද තරඟ බිමට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ඉංගලන්තය, පාකිස්තානය සහ...