අවිධිමත් ලෙස ඉදිකර ඇති නිල්වලා ගඟේ ලවන බාධකය නිසා ඉදිරියේ දී මාතර නගරය යටවීමේ අවදානමක ! – සජිත්

Date:

මාතර නිල්වලා ගංගාවේ ඉදිකර ඇති ලවන බාධාකය නිරීක්ෂණය කරන්න පසුගිය දා එහි ගිය අවස්ථාවේ දී එය බරපතල ඛේදවාචකයක් බවට පත්ව ඇති බවට නිරික්ෂණය වු බවත් ඒ නිසා ගංගා හරස්කඩ දැඩි ලෙස අවහිර වී ඇති බවත් එම නිසා මෙතෙක් ආරක්ෂිතව පැවැති කිරලකැලේ, කඩවැද්දුව හා කද්දුව යන වාරිමාර්ග ව්‍යාපාර මෙන්ම මාතර නගරය ද අනාරක්ෂිත වී ඇති බවත් ගංගා ජලය නිසි ආකාරයෙන් බැස නොයාම නිසා කුඹුරු අක්කර 12000ක් පමණ විනාශ වි ඇති බවත් ඒ නිසා ගොවීන්ගේ ජීවිකාව සිදුකර ගැනීමට නොහැකි වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

වැසි තත්ත්වයත් සමඟ මෙම ගැටලුව උග්‍ර වී ඇති බවත් විවිධ සාකච්ඡාවලින් අනතුරුව එකඟතාවලට පැමිණියත් එම එකඟතා ක්‍රියාත්මක නොකිරීමට වගකිවයුතු බලධාරීන් කටයුතු කර නොමැති බවත් ඇතැම් රාජ්‍ය ආයතන සිය අභිමතය පරිදි කටයුතු කරන හෙයින් මෙමඟින් පීඩාවට පත්ව ඇති ජනතාවට කඩිනම් පියවර ගන්නා ලෙස ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (4) පාර්ලිමේන්තුවේ දී ඉල්ලා සිටියේය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්න කරමිනි.

මෙම ව්‍යාපාති වාර්තාව අනුව Collapsible Gate දැමීමට යෝජනා වුවත් අමාත්‍යාංශ දෙකක ලේකම්වරු දෙදෙනකු එකට එකතු වී එම Collapsible Gate දැමීම අවශ්‍ය නොවන බවට තීන්දු කර ඇති බවත් මෙම ලවන බාධාකය ඉදිකිරිමට පෙර පිට පිට කන්න 7ක් සහ බාධකය ඉදිකිරීමෙන් පසු මෙම කන්නයට අමතරව කන්න 2ක් හානි වුවත් මෙම හානි වූ කන්න 10 සදහා තවම වන්දි හෝ ලබා දී නොමැති බවත් ඒ සදහා විශාල මුදලක් වැය කරත් අපේක්ෂිත ප්‍රතිඵල ලැබී නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මෙම බාධකය හේතුවෙන් ගංගාවේ ජල ධාරිතාව ඉහල ගොස් අකුරැස්ස මාලිම්බඩ හා මාතර අවට ඇති වේලි කැඩී ගොස් ඉදිරියේ දී මාතර නගරය ජලයෙන් යටවිය හැකි බැවින් මේ සදහා කඩිනම් පියවර ගන්නා ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී ඉල්ලා සිටියේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුපුරුදු මුහුණු නැවත කරළියට: GMOA සභාපති ලෙස යළිත් වෛද්‍ය සංජීව එයි! 

රෂිකා හෙන්නායක ජූනි 29, කොළඹ LNW : ඊයේ (28) පැවැති...

අළු කොළ පාට රාත්‍රිය හෙවත් නිශ්ශබ්දතාවේ සමීකරණය

හුදෙකලා තරුවක මුව වසාඅඵ පැහැති වලාකුළු හෙමින් පාවෙයිනිරිත දිග...

ගාසා තීරයේ මන්දපෝෂණයෙන් පෙළෙන ළමුන් 66 දෙනෙකු මිය යයි – UNICEF

සටහන: සශිකලා මධුෂාණිජුනි 29; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල යුද්ධය අතරතුර...

කීරිසම්බා ප්‍රශ්නයක් තියෙනවා – හාල් රටින් ගෙන්නන්නේම නෑ කියපු ඇමති නාමල් දැන් කියන කතාව

සටහන - රුවන් නෙළුගොල්ල කීරිසම්බා සහල් ආනයනය කරන්නේ සංචාරක ක්ෂේත්‍රය...