*
Thursday, October 3, 2024
spot_img

Latest Posts

සෞඛ්‍ය අමාත්‍යාංශය ජන සංහාරයකට සුදානම් වෙනවා – ජනරජ පෙරමුණෙන් චෝදනා

කොළඹ LNW:සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වන විට ජන සංහාරයකට සූදානම් වෙමින් සිටින බව විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ මහතා පවසයි.

ඒ, අද (05) එක්සත් ජන රජ පෙරමුණ විසින් පැවැත්වූ මාධ්‍ය හමුවේදීය.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිතුමා වන මහාචාර්ය එස් ටී ජයරත්න මහතාගේ ලිපියකින් ඒ බව තහවුරු වී තිබෙන බවයි අමරසිංහ මහතා පවසන්නේ.

එම ලිපිය හරහා අයිසොලෙස් බයෝටෙක්, ෆාමර් ඒ. ජී. ලිමිටඩ්. ආයතනය විසින් බෙදා හැර ඇති ඖෂධ තත්ත්වයෙන් අසමත් වීම හා ඒ ඖෂධ සම්බන්ධව රේගු නිෂ්කාශන සඳහා ව්‍යාජ ලිපි ලේඛන, ආගමන විගමන පාලක වෙත ලබා දීම සම්බන්ධයෙන් පැන නැග ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳ කතා කර තිබෙන බව අමරසිංහ මහතා ප්‍රකාශ කරයි.

”එහිදී එතුමා කියනවා සිද්ධීන් දෙකක් වාර්තා වුණායි කියලා. නමවෙනි මාසේ දාසය සහ විස්ස දින මාතලේ දිස්ත්‍රික් රෝහලෙත් සහ අටවෙනි මාසේ විසි දෙවන දින ජාතික රෝහලෙන් වාර්තා වෙලා තියෙනවා රෝගී ආසාත්මිකතාවයන් නිසා. මේ පිළිබඳව විමර්ශනය කිරීමේදී ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් සොයා ගත්තාය කියලා. මෙම ඖෂධය මේ රටට ආනයනය කරලා තියෙන්නේ ව්‍යාජ බලපත්‍රයක් යටතේ කියලා. එහි, ඒ වගේම, සඳහන් වෙනවා. ඒ ලේඛනය ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලිපි ශීර්ෂය ව්‍යාජ ලෙස සකස් කර ඇති බව ඒ අන්තර්ගතයෙහි ඇති අඩුපාඩු, එහි යොදා ඇති ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරියාගේ අත්සන සහ නිල මුද්‍රාව ව්‍යාජ කියලා. එතකොට මේක කූට ලේඛනයක්. මේ කූට ලේඛනය ඉදිරිපත් කරලා තමයි මේ ඖෂධය ලංකාවට ගෙනල්ලා තියෙන්නේ. ඒක මම නෙමෙයි කියන්නේ. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිතුමා වන මහාචාර්ය එස් ටී ජයරත්න මැතිතුමා.

ලංකාවට ඖෂධ ගෙන ඒම, බෙදා හැරීම, විකිණීම කියන මේ සියල්ලම සිදු කළ යුත්තේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය කියන මේ පනත යටතේ. මේ පනතේ තියෙනවා ඒ ඖෂධ ලංකාවට ගෙන ආ හැකි ආකාරය. එතකොට මේ ඖෂධය ලංකාවට ගෙන ඒමට සම්බන්ධ වූ ආයතන දෙකක් ගැන සඳහන් වෙනවා. අප සමඟ ඇති ලිපි ලේඛන වල. පළමුවෙන්ම මේ ඖෂධය නිෂ්පාදනය කරන්නේ යැයි පවසන්නේ ලයිව් අකැම් බාත් දිස්ත්‍රික් ගුජරාට් කියන ස්ථානය සහ එහි තියෙනවා නොම්බරයක්. ඒ වගේම මේ ඖෂධය ලංකාවට ආනයනය කල අයිසියුලැස් බයෝ ටෙක් ලිමිටඩ් කියන එක පිහිටලා තියෙන්නේ. බේස්ලයින් හෝ සීදුව කියන තැන. එතකොට මේ අය සහ මේ ඖෂධය නිෂ්පාදනය කල ස්ථානය සහ මේ ඖෂධ ලංකාවට ආනයනය කළ පුද්ගලයා පිළිබඳ පැහැදිලි දැනීමක් ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිතුමත් තියෙනවා. ඒ වගේම එතුමා කියනවා මේ පිළිබඳව, මේ ව්‍යාජ ලේඛන, කූඨ ලේඛන සකසලා මේ ඖෂධය ලංකාවට ගෙන ඒම පිළිබඳව. ඖෂධ නියාමන අධිකාරිය විසින් මේ සම්බන්ධයෙන්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් 3/10 මීට දින දෙහෙකට ඉස්සෙල්ලා, ඉදිරිපත් කරලා තියෙනවා. පැහැදිලිවම පැමිණිල්ලක් තියෙනවා.

දැන් අපි කළ යුතු දේ තමයි, මේ පැමිණිල්ල මත විභාග කිරීම එකක්. දෙක. මේ ඖෂධය මේ ආකාරයට ව්‍යාජ ලේඛන සකස් කරලා ලංකාවට ගෙන ඒම නිසා සිදු වී ඇති අර්බුදය ගැන විග්‍රහ කිරීම.”

මෙය ඇත්ත වශයෙන්ම අපි දන්න තරමින් මේක එක සිද්ධියක් නොවන අතර මේ සිද්ධි දාමයක කොටසක් බවද අමරසිංහ මහතා පැහැදිලි කරයි.

‘ඒ වගේම මෙය අපිට කියන්න පුළුවන් අද වෙනකොට ලංකාව තුළ පැනනැගිලා තියෙන ඖෂධ ආනයනය ඒ ආනයනය කරන ඖෂධ වල තත්ත්ව, පරීක්ෂණය පිළිබඳ ගැටලුවේ කොටස් පමණයි. මේ අයිස් කන්දේ මුදුන පමණයි. පැහැදිලිවම ඔප්පු වෙලා තියෙනවා කරුණක්. එසේ වුණාට අප විශ්වාස කරන්නේ මේ අපිට පේන අයිස් කන්දේ මුහුද මුදුන මෙහෙම පෙනුනට යට මහා විශාල බරපතළ අර්බුදයක් අද සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තියෙනවයි කියන එක.” යනුවෙන් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan