*
Sunday, October 6, 2024
spot_img

Latest Posts

දිනන්න පුළුවන් – දිනන්නත් ඕනි

සටහන – නිශ්මං රණසිංහ
ඔක්තෝබර් 06, (LNW) කොළඹ :

කාන්තා ලෝක කුසලානය සම්බන්ධයෙන් මෙවර ශ්‍රී ලංකාව ගැන ශ්‍රී ලංකාව පමණක් නොවේ,වෙනත් ලෝකවාසී ක්‍රිකට්ලෝලීන් පවා බලාපොරොත්තු දල්වා ගෙන හිටියා.ඒත් ශ්‍රී ලංකාව හිටියෙ මේ තරගාවලියෙ මූලික වටයෙ දළ කාරයන්ගෙ ගොඩට වැටිලා.ඒ දිහා බලන කොට ශ්‍රී ලංකාවට දිණුම පටන් ගන්න සුුදුසු පහසු ප්‍රතිවාදියාව මුලින්ම මුණ ගැහෙන්න තිබීම වැදගත් සාධකයක් වුණා.එහෙත් අවාසනාවට ශ්‍රී ලංකාව දැක් වූ දුර්වලකම වගේම පකිස්තාන නායිකාව ප්‍රමුඛව පකිස්තාන කණ්ඩායම තරග කරපු ආකාරය අනුව ශ්‍රී ලංකාවට අනපේක්ෂිත විශාල පරාජයකට මුහුණ දෙන්න සිද්ධ වුණා.

ඔස්ට්‍රේලියාව තරගයේ දි ඒ පරාජයේ තුවාලවලින් වෑහෙන ලේ,සැරව හොදින් දකින්නට තිබුණා.සියයට සියයක් විශ්වාසයෙන් පන්දුවට පහර නොදෙන බව චමරි ද ඇතුළත්ව,සියලු ක්‍රීඩිකාවන්ගෙන් ප්‍රදර්ශනය වුණා.අනුෂ්කා සංජීවනී පමණයි පන්දු යවන්නියන්ට ලබා ගත් සුළු ලකුණු ප්‍රමාණය වෙනුවෙන් හරි ‘ගහන්න පුළුවන්‘ කියන විශ්වාසයෙන් පන්දුවට පහර දුන්නෙ.

මේ වෙලාවෙ අපිට නොපෙනෙන තුවාල සුවපත් කරන්න පුළුවන් මට්ටමේ ඔසු ශ්‍රී ලංකා කණ්ඩායමට අවශ්‍යය වෙනවා.අඩුම ගණනෙ ශ්‍රී ලංකාව එක්ක සම්බන්ධ වෙලා මේ කණ්ඩායම අලුතෙන් උපද්දන්න පුළුවන් කතාවකට වැඩ ටිකකට සූම් තාක්ෂණය ඔස්සේ හරි ළඟා වෙන්න පුළුවන්නම් වැදගත් වෙයි.අපට යෝජනාවක් හැටියට මේ වෙලාවෙ ක්ෂණික ප්‍රතිපලයක් වෙනුවෙන් හොඳට කතා කරන්නත් පුළුවන්,උත්ප්‍රේරණය කියන දේත් දන්න කෙනෙක් හැටියට ළඟින්ම හම්බ වෙන්නෙ භාතිය අර්ථනායකයි.

ඔහු කාන්තා ක්‍රීඩිකාවන් බොහෝ දෙනෙක් සමඟ වැඩ කරලත් තිබෙන නිසා ඉදිරි තරග දෙකේදී ශ්‍රී ලංකාවට හම්බ වෙන නවසීලන්තය සහ ඉන්දියාව කියන කණ්ඩායම් දෙක එක්ක සටනට යාමට පෙර මේ අදහස් හුවමාරුව වටිනවා.මේ කණ්ඩායම් දෙකම මෑත කාලයේ අපට පරාජය වූ,එහෙත් පෙණුමෙන් අපට වඩා ඉදිරියෙන් සිටින කණ්ඩායම්.ලෝක විස්සයි විස්ස කුසලාන ඉතිහාසයේ දත්ත සළකා බලද්දි විශාල කීර්තියක් සහිත ජයග්‍රහණ තිබෙන කණ්ඩායම් දෙකක්.

එතකොට තාක්ෂණිකව අඳින සැළසුම් ටක්කෙටම හරියන්න ඒවා ක්‍රියාත්මක කරවන මනස යහපත්ව තබා ගැනීමත් වැදගත් වෙනවා.ඉතිරි තරග දෙක ශ්‍රී ලංකාවට දිනන්න පුළුවන්.ඒ ජයග්‍රහණ එක්ක බොහෝ විට හොඳින් ප්‍රහාරාත්මක වේගය පවත්වා ගත්තොත් ඔවුන් තරග වඳින කාණ්ඩයේ දෙවන තැනට එන්නත් ඉඩ තියෙනවා.ඒ නිසා ඉදිරි තරග දෙක ජයගැනීම වැදගත් වෙයි.

පළමු තරගයේ දී මෙන්ම ඕසට්‍රේලියාවට එරෙහිව පැවති තරගයේදී ත් කඩුලු 6 න් පරාජය වෙද්දි ශ්‍රී ලංකාව පෙන්නපු ලොකුම දුර්වලකම,මෑථ කාලයේ දී ලෝකයම අගය කරමින් කතා කළ පිතිකරු අංශයම වීම අවාසනාවන්ත තත්ත්වයක්.තරග දෙකේදී ම ලකුණු සියයේ සීමාවට මෙපිටින් නවතින්න ශ්‍රී ලංකාවට සිද්ධවීම තමයි ලොකුම දුර්වලකම.මේ තත්ත්වය එක පාරටම ඇති වෙන්න ඇත්තේ ඇයි කියන කාරණයට එක උත්තරයක් හැටියට ගන්න පුළුවන් දෙයක් තමයි,ඔවුන්ව අධික ලෙස විශ්වාස කරන පිරිසක් නිර්මාණය වීම.ඒ ඇති වී තිබෙන ජනප්‍රියත්වය,ආදරය සහ ගෞරවය නැති කර ගන්න හෝ පළුඳු කර ගන්න ඔවුන් කැමති නැති නිසා තරගයේ ඔවුන් තුළ ගොඩ නැඟෙන පීඩනය ඔවුන්ව මෙහෙයවන්නේ තමන්ගේ වපසරියේ ඇති අධික බැදීම් ටික නඩත්තු කර ගැනීම මූලික කරගත් අදහසක් හරහායි.මේ අවිඥාණික තත්ත්වය එක්ක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මග පැටවී තිබෙන බර ඔවුන්ට තනියෙන් ඉවත් කර ගැනීමට වඩා කවුරුහරි ඉවත් කරන්න ඉන්නවනම් මහන්සිය අඩු වේවී.
පහතින් දැක්වෙන්නේ ඕසට්‍රේලියාවට පරාජය වූ තරගයේ ලකුණු පූවරුව. https://es.pn/3NgmZVM
මෙහිදී මූලක කොට වැදගත් ශ්‍රී ලංකාන ජය ගැනීමයි.ඒ තරග දෙක ජයගැනීමෙන් අවසාන පූර්ව වටයට යාමට නොහැකි වෙන්නත් පුළුවන්.ඒත් ශ්‍රී ලංකාව පරාජය නොවී ජය ගත යුතුයි.ඇත්තටම දිනන්නත් පුළුවන්.අත් නොහැරි උත්සාහ කරමු.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan