ශ්‍රී ලංකා කණිටු වොලිබෝල් කණ්ඩායමට දවිසමරෙන් තුනයි – පන්නලින් තුනයි

Date:

සටහන – නිශ්මං රණසිංහ
ඔක්තෝබර් 06, (LNW) කොළඹ :

උස්බෙකිස්තානය,නේපාලය,කිරිකිස්තානය,ටර්කමස්තානය,මාල දිවයින සහ ශ්‍රී ලංකාව සහභාගි වන අවුරුදු 20 න් පහළ මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලිය සඳහා සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය සීදුව දවිසමර විද්‍යාලයේ මනුජ නිසල්ට පැවරී තිබෙනවා.උප නායකත්වය ලැවරී ඇත්තේ පන්නල ජාතික පාසලේ තිසර දේශාන්ටයි.

අද සිට (ඔක්තෝම්බර් 6 වන දා) ඔක්තෝම්බර් 12 වන දා දක්වා කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ දි පැවත්වීමට නියමිත තරගාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකා කණ්ඩායමට දවිසමර විද්‍යාලයෙන් සහ පන්නල ජාතික පාසලෙන් ක්‍රීඩකයින් තිදෙනා බැඟීන් ඇතුළත්ව සිටින අතර නාත්තණ්ඩිය ධම්මිස්සර පාසලෙන් ක්‍රීඩකයින් දෙදෙනෙක් ඇතුළත්ව සිටිනවා.

කණ්ඩායමේ පුහුණුකරු තනතුරට ලලිත් ප්‍රේමලාල් නම් කර තිබෙන අතර සහය පුහුණුකරුවන් ලෙස උපේන්ද්‍ර පෙරේරා සහ මොරිස් චාමින්ද කටයුතු කරනවා.ක්‍රීඩා අමාත්‍යංශයේ වෛද්‍ය ඒකකය නියෝජනය කරමින් කණිෂ්ඨ වොලිබෝල් කණ්ඩායම සමඟ එක්වන සම්භාහකයා කපිල විජේසිංහයි.එසේම කණ්ඩායම් කළමණාකාරු ලෙස චමින්ද ලක්ෂ්මන් කටයුතු කරනවා.

ඉදිරි පෙළ වමේ සිට
මනුජ නිසල් (දවිසමර විද්‍යාලය ), ලලිත් ප්‍රේමලාල් – ඒ. එස්. නාලක
කාංචන ජයරත්වන,චමින්ද ලක්ෂ්මන්,උපේන්ද්‍ර පෙරේරා,
මොරිස් චාමින්ද
පසුපස පේළිය වමේ සිට සිට
සසිඳු ප්‍රමෝද් (පන්නල ජාතික පාසල), ශකති විදුරංග (දවිසමර විද්‍යාලය), අදීෂ් තේනුක (රාජකීය හොරණ),උදිත ප්‍රියාන් (ඉඹුලාන ශ්‍රී සේන), ලසිත් නිමේෂ (ධම්මිස්සර නාත්තණ්ඩිය), හිරුන් රෝචන (රාජසිංහ රුවන්වැල්ල),
චමෝද් ඉසුරු (විද්‍යාරත්න විශ්ව විද්‍යාල පීඨය) , සනුජය මනිත් (පන්නල ජාතික පාසල), තිසර දේශාන් (උප නායක – පන්නල ජාතික පාසල), සත්සර නිමේෂන (ධම්මිස්සර විද්‍යාලය) සහ රශ්මික හේෂාන් ප්‍රනාන්දු ( දවිසමර විද්‍යාලය)

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද (11) කාලගුණය වෙනස් වන හැටි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 11, කොළඹ LNW : උතුරු, උතුරු-මැද, නැගෙනහිර,...

යුරෝපීය රටවල විවිධාකාර සංස්කෘතීන් මධ්‍යයේ ගලා යන ගංගා රැජිණිය “ඩැනියුබ්”!

සටහන – පුලී දෙසැම්බර් 10, කොළඹ (LNW): ඩැනියුබ් ගඟ යුරෝපයේ...

ආපදා සහන ලබා ගන්නේ කොහොමද?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ආපදා සහන කටයුතු වෙනුවෙන් අවශ්‍ය විශේෂ...