මූල්‍ය වංචා සිදුකළ විදේශිකයින් 40ක් CID දැලේ!

0
273

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 06, කොළඹ (LNW):

අද(06) දින අන්තර්ජාලය මගින් මූල්‍ය වංචා සිදුකළ විදේශීය ජාතිකයින් 40 දෙනෙකු හංවැල්ල ප්‍රදේශයේ ස්ථාන දෙකකදී අත්අඩංගුවට ගෙන තිබෙන අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලද තොරතුරක් මත හංවැල්ල පාර, ගම්පහ ලිපිනයේ පිහිටි හෝටලයක් සහ අවිස්සාවේල්ල පාර, හංවැල්ල ලිපිනයේ පිහිටි පුද්ගලික ආයතනයක් වටලා සිදුකළ පරීක්ෂා කිරීමකින් අනතුරුව මෙම විදෙස් ජාතික සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.