බදු මෙහෙයුම් ඇරඹේ!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 06, කොළඹ (LNW):

2023/2024 තක්සේරු වර්ෂයට අදාළව මෙතෙක් බදු ගෙවීම් සිදුකර නොමැති පුද්ගලයින්ගේ පරිශ්‍රවෙත ගොස් බදු අයකර ගැනීමට ක්‍රියා කරන බව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව පවසන අතර, හෙට (07) දිනයේ සිට එම වැඩපිළිවෙළ ආරම්භ කරන බව දේශීය ආදායම් බදු කොමසාරිස් ජනරාල් සේපාලිකා චන්ද්‍රසේකර මහත්මිය පවසයි.

මේ වසරට අදාළව පසුගිය සැප්තැම්බර් මස අවසන් වනවිට රු. බි. 1417ක මුදලක් අයකරගෙන තිබෙන බව සඳහන් වේ.

කෙසේ නමුත් තවදුරටත් ස්වතක්සේරු ගෙවීම් යටතේ ගෙවිය යුතු බදු ගෙවන්නන් සිටින බවට හදුනාගෙන ඇති බැවින් ඔවුන්ගේ පරිශ්‍ර වෙත ගොස් ඒවා අයකර ගැනීමටයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර ඇත.

ඒ අනුව නොගෙවූ ස්වතක්සේරු බදු අයකර ගැනීමේ දී නීතිමය ක්‍රම වේද සපුරා ක්ෂණික අයකර ගැනීමේ ක්‍රියාමාර්ග ගැනීමට ද ඉදිරියේදී කටයුතු කරන බව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඔක්තෝබර් 7 ප්‍රහාරයේ වගකීම ගැන නෙතන්යාහුට දැඩි පීඩනයක් — ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය හෙට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: 2023 ඔක්තෝබර්...

සැකකරුවෙකු පොලිස් භාරයේ සිටියදී මියයාම : හෝමාගම පොලිසියේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : හෝමාගම පොලිස් ස්ථානයට...

ග්‍රාමීය සංවර්ධන වැඩසටහන් සඳහා 2026 වසරේදී රුපියල් මිලියන 180,000ක ප්‍රතිපාදන!

කොළඹ LNW:ප්‍රජා ශක්ති දිළිඳුකම තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය ඇතුළු...

හරිතට දහයයි….

විශ්වවිද්‍යාලයක් බිහිවන්නේ කාලාන්තරයකට වරක් පමණි . එම ගමන වසර...