මෙය ඉතා සරල පිළිතුරක් ලබාදිය හැකි ගැටළුවක් නොවේ. උදාහරණයක් ලෙස ගත් කල, අධිකව ලුණු ආහාරයට ගැනීමෙන් රුධිර පීඩනය වැඩිවන බව මෙන්,එක එල්ලේ සෘජු පිළිතුරක් ලබාදීම මෙහිදී අසීරුය.
පුද්ගලයෙකුගේ total cholesterol හෝ LDL cholesterol වැඩිවීම තුළින් ඔහු හෘදයාබාධ සඳහා වැඩි අවධානමකට ලක්වේ.
බිත්තරවල ප්‍රෝටීන්, විටමින්, ඛනිජ ලවන වැනි පෝෂ්‍ය පදාර්ථ රාශියක් පවතී. එමෙන්ම බිත්තරයක dietary cholesterol මිලිග්‍රෑම් 275ක් පමණද සන්තෘප්ත මේද අම්ල (saturated fatty acids ) ග්‍රෑම් එකකට වඩා වැඩි ප්‍රමාණයක් ද අඩංගුවේ. සාමාන්‍යයෙන් දිනකට ආහාර වලින් ලබාගන්නා cholesterol ප්‍රමාණය මිලිග්‍රෑම් 300 ට වඩා අඩු විය යුතු බව නිර්දේශිතය. මධ්‍යම ප්‍රමාණයේ බිත්තරයක අඩංගු කහ මදයෙහි cholesterol මිලිග්‍රෑම් 275 ක පමණ ප්‍රමාණයක් පවතී. එබැවින් දිනකට එක් බිත්තරයක් ආහාරයට ගැනීමෙන් දිනකට අවශ්‍ය කොලෙස්ට්‍රෝල් මට්ටම ළඟා කර ගැනීමට හැකි වන අතර බොහෝ විට එම මට්ටම ඉක්මවා ද යා හැක (අප ගන්නා අනෙක් ආහාර වලිනුත් cholesterol ලැබෙන නිසා). අප ආහාර වලින් ලබා ගන්නා cholesterol වලට අමතරව අප සිරුර තුළද cholesterol නිපදවේ.
මා දැන් විග්‍රහ කිරීමට යන meta analysis පර්යේෂණ වාර්තාව Man-Yun Li ඇතුළු පර්යේෂණ කණ්ඩායම විසින් 2020 වසරේ දී පළ කරන ලද්දකි. මෙය එක් කණ්ඩායමකට සම්පූර්ණ බිත්තරයද අනෙක් කණ්ඩායමට බිත්තර ආදේශකයක් හෝ වෙනත් කිසිවක් ලබා නොදී සිදු කරන ලද පර්යේෂණ රාශියක ( RCT 10 ක්) දත්ත එක් රැස්කොට සකසන ලද්දකි. මෙහිදී සලකන ලද පර්යේෂණවලට පොදු කරුණක් වන්නේ සිරුර තුළ නිපදවෙන cholesterol මට්ටමෙහි වෙනසක් නොවන අතර, වෙනස වන්නේ බිත්තර කහ මදය ලබා දීම පමණි. මෙම meta analysis පර්යේෂණයේ ප්‍රතිඵලයක් ලෙස පහත සටහනෙහි දක්වා ඇති පරිදි, බිත්තර පරිභෝජනය මාස දෙකකට වඩා අඩුවුවද, මාස දෙකකට වඩා වැඩි වුවද, රුධිරගත LDL cholesterol මට්ටම 8mg/dL කින් පමණ වැඩි වී ඇති බව පෙන්වා දී ඇත.
මෙයින් අදහස් වන්නේ බිත්තර සුදු මදය හෝ බිත්තර ආදේශකයක් ආහාරයට ගත් පුද්ගලයින්ට වඩා බිත්තර කහමදය ඇතුළුව සම්පූර්ණ බිත්තරයක් ආහාර ගත් පුද්ගලයින්ගේ රුධිර ගත LDL මට්ටම සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බවයි. එබැවින් මෙයින් එළඹිය හැකි පළවෙනි නිගමනය වන්නේ, බිත්තර ආහාරයට ගැනීමෙන් LDL cholesterol මට්ටම වැඩිවන බවයි.
හෘදයාබාධ සඳහා, අහිතකර cholesterol මට්ටම වැඩිවීම මෙන්ම හිතකර cholesterol මට්ටම අඩු වීමද බලපායි. මෙම පරීක්ෂණයෙන් හෙළිදරව් වී ඇති පරිදි එළැඹිය හැකි දෙවන නිගමනය වන්නේ බිත්තර ආහාරයට ගැනීමෙන් රුධිරයේ හිතකර HDL cholesterol මට්ටම සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළ නොයන බවයි . Cholesterol වාර්තාවක් ගත් විට එහි LDL/HDL අනුපාතයක් ලෙස අගයක් දී ඇති බව ඔබ දැක ඇති. මෙයින් අදහස් වන්නේ හිතකර HDL cholesterol වලට සාපේක්ෂව රුධිරයේ ඇති අහිතකර LDL cholesterol ප්‍රමාණයයි. මෙහිදී ඔබගේ සිරුරේ ඇති හොඳ cholesterol ප්‍රමාණය(HDL) වැඩි නම්, අහිතකර cholesterol යම් ප්‍රමාණයක්(LDL) තිබුනද, එයින් සැලකිය යුතු අහිතකර බලපෑමක් ඇති නොවන බව අදහස්වේ. එමෙන්ම අහිතකර LDL cholesterol මට්ටම මෙන්ම, සාපේක්ෂව හිතකර HDL cholesterol මට්ටමද අඩුවීමෙන් මෙම LDL/HDL අනුපාතය ඉහළ අගයක් ගැනීමෙන් ප්‍රතිඵලය අහිතකර විය හැකිය. මෙම පරීක්ෂණයෙන් පෙන්වා දී ඇති පරිදි මාස දෙකකට වඩා වැඩි කාලසීමාවක් බිත්තර කහ මදය පරිභෝජනය කිරීම අහිතකර LDL cholesterol මට්ටම වැඩිවීමට මෙන්ම හිතකර HDL මට්ටම නොවෙනස්ව පැවතීමටද හේතුවේ. මෙමගින් මෙම අනුපාතය වැඩි වී එමගින් ඇතිවන බලපෑම අහිතකර වේ.
මෙම පර්යේෂණ වලට භාජනය වූ පුද්ගලයින් දිනකට එක් බිත්තරයක් පමණක් ආහාරයට ගැනීම, දිනකට බිත්තර දෙකක් ආහාරයට ගැනීම සහ දිනකට බිත්තර තුනක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් ආහාරයට ගැනීම මත කාණ්ඩවලට වර්ගීකරණය කර ඇත. එහිදී මෙම කණ්ඩායම් තුනෙහිම පුද්ගලයින් ගේ රුධිරගත අහිතකර LDL cholesterol මට්ටම මෙන්ම LDL/HDL අනුපාතය ද වැඩිවන බව සොයාගෙන ඇත. බිත්තර තුනකට වඩා ආහාරයට ගත් පුද්ගලයින්ගේ රුධිරගත හිතකර HDL cholesterol මට්ටම ඉතා කුඩා ප්‍රමාණයකින් වැඩි වුවද එහි සැලකිය යුතු තරම් වටිනාකමක් ගැබ්ව නැත. සමහර පුද්ගලයින් ආහාරයෙන් ලබාගන්නා cholesterol මට්ටමට ඉතා සංවේදී වන අතර සමහර පුද්ගලයින් එතරම් සංවේදී නොවේ. මෙම සංවේදීතාවය අධික පුද්ගලයින්ගේ, රුධිර ගත කොලෙස්රෝල් මට්ටම බිත්තර ආහාරයට ගැනීමෙන් ඉතා ඉක්මනින්, ඉතා පහසුවෙන් වැඩිවන වැඩිවීම සිදුවේ.
අවසාන වශයෙන් නිගමනය කළ හැක්කේ දිනකට එක් බිත්තරයක් සමබර ආහාර වේලක කොටසක් ලෙස ආහාරයට ගැනීම බහුතරයක් පුද්ගලයින්ට අහිතකර ප්‍රතිඵල ලබා නොදෙන බවයි. නමුත් සිරුර තුළින් නිපදවන cholesterol මට්ටම සාපේක්ෂව අධික පුද්ගලයින් හට, තම පවුලෙහි හෘදයාබාධ, රුධිර ගත අධි cholesterol මට්ටම සහිත සාමාජිකයින් සිටින පුද්ගලයින් හට, බිත්තර අධිකව ආහාරයට ගැනීම අනුමත කළ නොහැකි අතර වඩාත් සුදුසු වන්නේ වෛද්‍ය නිර්දේශයක් ලබා ගැනීමය. බොහෝ විට අප බිත්තර ආහාරයට ගන්නේ ප්‍රෝටීන් ලබා ගැනීම උදෙසා බැවින්, බිත්තර සුදු මද ආහාරයට ගැනීම හානිදායක හෝ අහිතකර නොවේ.
~ මහාචාර්ය රනිල් ජයවර්ධනගේ ෆේස්බුක් පිටුවෙනි
