දකුණු කොරියාවෙන් රුසියාවට ඉන්ධන ටොන් 176,000කට වැඩි ප්‍රමාණයක් නැව්ගත කර

සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 06:
යුක්රේනයේ යුද්ධය අඛණ්ඩව පැවතෙමින් තිබියදී දකුණු කොරියාවෙන් රුසියාව වෙත විශාල ඉන්ධන තොගයක් නැව්ගත කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව, 2026 ජූලි සහ අගෝස්තු මාසවලදී දකුණු කොරියාවෙන් රුසියානු වරායන් වෙත ඉන්ධන ටොන් 176,000කට වැඩි ප්‍රමාණයක් නැව්ගත කර තිබේ. එම ඉන්ධන අතර ප්‍රධාන වශයෙන් ඩීසල් වර්ගයේ ඉන්ධන ඇතුළත් බව සඳහන් වේ.

මෙම නැව්ගත කිරීම් සඳහා ටැංකි නෞකා හතක් භාවිත කර ඇති අතර, ඉන් නෞකා තුනක් බ්‍රිතාන්‍යය, යුරෝපා සංගමය සහ ඔස්ට්‍රේලියාව විසින් සම්බාධක පනවා ඇති නෞකා බව ද විදෙස් මාධ්‍ය වාර්තාව පවසයි. ඇතැම් නෞකා තම සැබෑ ගමනාන්තය සඟවාගෙන ඇති අතර, ඉන්ධන තොගයේ මූලාශ්‍රය හඳුනාගැනීම අපහසු කිරීම සඳහා නෞකා අතර මුහුදේදීම භාණ්ඩ හුවමාරු කර ඇති බවද එම විශ්ලේෂණයේ සඳහන් වේ.

මෙම ඉන්ධන සැපයුම සිදුව ඇත්තේ යුක්රේන ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් රුසියාවේ තෙල් පිරිපහදු කර්මාන්තයට දැඩි බලපෑම් එල්ල වී ඇති අවස්ථාවකදීය. ඒ හේතුවෙන් රුසියාවට දේශීය ඉන්ධන අවශ්‍යතා සපුරා ගැනීම සඳහා විදේශයන්ගෙන් ඉන්ධන ආනයනය කිරීමට සිදුව තිබේ.

රුසියාවට ලබා දෙන මෙම ඉන්ධන ප්‍රවාහය සම්බන්ධයෙන් දකුණු කොරියානු රජය පවසන්නේ තම රට ජාත්‍යන්තර සම්බාධක සහ අපනයන පාලන නීති පිළිපදින බවයි. කෙසේ වෙතත්, සම්බාධකවලට යටත් නෞකා දකුණු කොරියානු වරායන් භාවිත කිරීම සම්බන්ධයෙන් ප්‍රශ්න මතුව තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශිරන්තිට FCID හමුවේ පෙනී සිටින්නැයි දැනුම් දීමක්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති...

ශ්‍රී ලංකාවට යූරියා පොහොර රැගෙන එන නෞකාවක් හෝර්මුස්වල අතරමංවෙලා…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 06, කොළඹ LNW : ශ්‍රී ලංකාවට යූරියා...

අද (06) දවසේ වැසි තත්වය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 06) දිනයේදී බස්නාහිර, සබරගමුව,...