ශ්‍රී ලංකාවට යූරියා පොහොර රැගෙන එන නෞකාවක් හෝර්මුස්වල අතරමංවෙලා…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 06, කොළඹ LNW :

ශ්‍රී ලංකාවට යූරියා පොහොර රැගෙන එන නෞකාවක් හෝර්මුස් සමුද්‍ර සන්ධියේ අතරමංව පවතින බව තොරතුරු වාර්තා වේ. එම නෞකාව දැනට ඕමානය ආසන්න මුහුදු තීරයේ නැංගුරම් ලා ඇති බව ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ චන්දන ලොකුහේවාගේ මහතා පැවසීය.

මෙට්‍රික් ටොන් 21,000ක පොහොර තොගයක් රැගත් මෙම නෞකාව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි එකකි. එම නෞකාව ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා මේ වන විට සාකච්ඡා පැවැත්වෙමින් පවතින බව අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

කෙසේ වෙතත්, මහ කන්නයේ වගා කටයුතු සඳහා ප්‍රමාණවත් වන පරිදි යූරියා පොහොර මෙට්‍රික් ටොන් 180,000ක් පමණ දැනට රට තුළ පවතින බව ඔහු පැවසීය. පොහොර මෙට්‍රික් ටොන් 18,000ක් පමණ දැනටමත් ගොවීන් වෙත බෙදා හැර ඇති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර, MOP හෙවත් ‘බැන්ඩි පොහොර’ මෙට්‍රික් ටොන් 27,000ක් රැගත් තවත් නෞකාවක් කොළඹ වරායට පැමිණ තිබේ. එම පොහොර තොගය මේ වන විට ගොඩබෑමේ කටයුතු සිදු කෙරෙමින් පවතින බව පොහොර ලේකම් කාර්යාලය ප්‍රකාශ කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Jeffrey Archer : අසාමාන්‍ය ජීවිතයේ සමාප්තිය…..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 06, කොළඹ LNW : ප්‍රබන්ධ කතාවකටත් වඩා...

සතිය තීරණාත්මකයි.කථානායකට ඉල්ලා අස්වෙන්නැයි සජබෙ යළි ඉල්ලයි!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහි විශ්වාසභංග...

ශිරන්තිට FCID හමුවේ පෙනී සිටින්නැයි දැනුම් දීමක්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති...