ලෝක කැරම් සූරතාවලියේ ශ්‍රී ලංකාවට පදක්කම් දෙකක්

Date:

මැලේසියාවේ ලන්ග්කාවී හී දී ඔක්තෝම්බර් 3 දා ඇරඹි 8 වන ලෝක කැරම් සූරතාවලිය අද (ඔක්තෝම්බර් 7) දා නිමා වන්නට නියමිතයි.මේ දක්වා පැවති තරගවලදී ශ්‍රී ලංකාව පිරිමි යුගල තරගයේදී මෙන්ම ස්විස් ලීග් තරගයේදී ද ලෝකඩ පදක්කම් දිනා ගන්නට සමත් වුණා.මෙම ඉසව් දෙකේදීම ඉන්දියාව රන් සහ රිදී පදක්කම් දිනා ගත්තා.
පිරිමි යුගල තරගයේදී ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම දිනා දුන්නේ නිශාන්ත ප්‍රනාන්දු සහ සහිඩ් හිල්මියි.හිල්මි ස්විස් ඉසව්වේදී ප්‍රබල ඉන්දියානු ක්‍රීඩකයින් වන සන්දීප් ඩිව් (25/5) සහ ශ්රීනිවාස් (25/19) ලෙසින්. පරාජයට පත් කරා.නමුත් අවසාන වටයේදී ඉන්දීය ක්‍රීඩක මොහොමඩ් ගුර්පාන් හමුවේ පරාජයට පත් වූ හිල්මිට ලෝකඩ පදක්කමකින් සෑහෙන්නට සිදු වුණා.

ශ්‍රී ලංකාව කණ්ඩායම් ඉසව්වේ පිරිමි රන් පදක්කම සඳහාත් කාන්තා ලෝකඩ පදක්කම උදේසාත් වන තරග සඳහා සුදුසුකම් ලබා සිටිනවා.

මේ අතර ඉන්දියානු පුවත්පතකට අදහස් දක්වමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක නිශාන්ත ප්‍රනාන්දු පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ කැරම් ක්‍රීඩාව ගෙයක් ගෙයක් ගානේ දකින්නට හැකි තරමට ප්‍රචලිත බවයි.එසේම ඔහු පෙන්වා දෙන්නේ එය මල ගෙදරකදී වුව සිඳුවන ඉතා සුලබ වශයෙන් දකින්නට ඇති ක්‍රීඩාවක් බවයි.එසේම ඔහු මෙම ක්‍රීඩාවට ත්‍රිවිධ හමුදාවන් දෙන සහයෝගය ද පෙන්වා දී තිබෙනවා.
නමුත් මෙවර තරගකරුවන් පිරිමි සහ කාන්තා අංශය නියෝජනය කරමින් 250 ක් පමණ සහභාගි වද්දී,ඊට රටවල් 17 ක් ද එක්ව තිබෙනවා.ඒ අනුව නිශාන්ත පවසන අපේ ගෙදර ක්‍රීඩාවට ඉදිරියේදී ලෝකයෙන් මීට වඩා අභියෝගයක් එල්ල වෙන්නට ඉඩ තිබෙනවා.එවැනි තත්ත්වයක මල ගෙදරක මල ක්‍රීඩාවක් සේ කැරම් දියවන්නට නොදී පාසල් මට්ටමෙන් යළි ප්‍රබෝධයක් ඇති කරන්නට ශ්‍රී ලංකා කැරම් ප්‍රධානීන් මෙන්ම ක්‍රීඩා බලධාරීන්ද අවධානය යොමු කළ යුතුව තිබෙනවා.

නිශාන්ත ප්‍රනාන්දු යනු 2012 ලෝක සූරයා මෙන්ම ඉන් අනතුරුව ද ශ්‍රී ලංකාවට කණ්ඩායම් ලෝක සූරතාවය ගෙන එන්නට දායක වූ ක්‍රීඩකයෙක්.ඡායාරූපයේ දැක්වෙන්නේ මෙවර ලෝක සූරතාවලියේ දී මේ දක්වා ශ්‍රී ලංකාවේ වඩාත් අවධානයට ලක් වූ ක්‍රීඩකයාව සිටින සහීඩ් හිල්මි යි.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජලයෙන් යටවූ  නිවාස පිරිසිදු කිරීමේ දීමනාව අඛණ්ඩව!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 11, කොළඹ LNW : පසුගියදා ඇතිවූ...

ආපදාව නිසා අවතැන් වූ 85,000ක් තවදුරටත් සුරක්‍ෂිත මධ්‍යස්ථානවල!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 11, කොළඹ LNW : ඉකුත් දා සිදුවූ...

ඩේසි ආච්චිට මානසික වෛද්‍ය පරීක්ෂණයක්!

කොළඹ LNW:මුදල් විශුද්ධිකරණය වැලැක්විමේ පනත යටතේ අධි චෝදනා ගොණුකර...

ගයන්ත අල්ලස් කොමිසමට!

කොළඹ LNW:පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතාගෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා...