දේශීය පුවත් විස්තරය: සාරාංශය 10/06

Date:

1. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අවස්ථා 71 ක දී තමාට අගමැතිධුරය භාරගන්නා ලෙස පැවසූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හෙළිකරයි – 2018 ඔක්තෝම්බර් 26 ට පෙර අවස්ථා 10 කදී ද ඊට පසු වසරේ අවස්ථා 61කදී ද මෙම ඉල්ලීම කළ බව පවසයි.

2. සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් පොදු ගිණුම් පිළිබඳ කාරක සභාවේ (COPA) සභාපති ලෙස ඒකමතිකව තේරී පත් වෙයි – යෝජනාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී එස්.බී. දිසානායක ගෙන්, ස්ථිර කිරීම සජබ මන්ත්‍රී නිරෝෂන් පෙරේරා ගෙන්.

3. “එක රටක් – එක නීතියක්” ජනාධිපති කාර්ය සාධක බලකායේ අවසන් වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක නොකිරීමට රජය තීරණය කරයි – එම වාර්තාවේ කිසිදු ජාතියක් හෝ ආගමක් ඉලක්ක කර ගන්නා නිර්දේශ අඩංගු නොවන බවත් එය ක්‍රියාත්මක කිරීම රජයේ වගකීම බවත් එම බලකායේ සභාපති පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පවසති.

4. විදුලිය සැපයීම, සහ ඛනිජ තෙල් නිෂ්පාදන සහ ඉන්ධන සැපයීම හෝ බෙදා හැරීම අත්‍යවශ්‍ය සේවාවන් බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශයට පත්කරයි!

5. ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ නව ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව පත් කරයි – එහි වගකීම ක්‍රීඩාවට ආදරය කරන ප්‍රායෝගික දැනුමක් ඇති පුද්ගලයන්ට පවරා ඇති බව පවසයි.

6. තවත් කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් පත් කිරීමට නියමිත බවට වාර්තා පළවෙයි! – වත්මන් අමාත්‍යවරුන් දැනටමත් වැඩ කන්දරාවකට යටවී සිටින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි – එබැවින් එක් එක් අමාත්‍යාංශ සඳහා වෙනම අමාත්‍යවරයකු සිටීම යෝග්‍ය බව පැහැදිලි කරයි.

7. ශ්‍රී ලංකාව සමඟ ‘මිත්‍ර රටවල්’ යැයි කියාගත් ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, කැනඩාව සහ ජර්මනිය තවත් සාමාජික රටවල් 30ක් සමඟ ශ්‍රී ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (UNHRC) ගොනුවී ඇති යෝජනාවට සම-අනුග්‍රහය දක්වයි – ශ්‍රී ලංකාව ඊට විරුද්ධ වන බව විදේශ අමාත්‍ය අලි සබ්රි පවසයි – යෝජනාව ඉදිරියට ගෙන යාමට ඉඩ ඇත.

8. සමාජ ආරක්ෂණ බද්ද (Social Security Levy) හඳුන්වාදීමත් සමඟ ටෙලිකොම් සමාගම් ගාස්තු සංශෝධනය කරයි – සියයට 2.5 ක නව බද්ද එකතු කිරීමත් සමඟ Peo TV සේවාවන් ඇතුළුව සියලුම පෙරගෙවුම් සහ පසුගෙවුම් පැකේජවල මිල ගණන් වැඩි වෙයි.

9. භාණ්ඩාගාර බිල්පත්වල විශ්මිත මිල අනුපාත ඔක්තෝබර් 5 වන දින වෙන්දේසියේදී ද දිගින් දිගටම ඉහළට! – දින 91 ක් සඳහා රු. බිලියන 76.4 (සියයට 32.3); දින 182ක් සඳහා රු. බිලියන 4.2 (සියයට 30.6); දින 364 සඳහා රු. බිලියන 4.3 (සියයට 29.7).

10. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක වනිඳු හසරංග ICC (පිරිමි ක්‍රීඩක) T20 පන්දු යැවීමේ ශ්‍රේණිගත කිරීම් වල 3 වන ස්ථානයට! – තුන් ඉරියව් ක්‍රීඩක ලැයිස්තුවේ 4 වන ස්ථානයට ද තේරී පත් වෙයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තුසිත හල්ලොලුව රිමාන්ඩ්. වෙඩිතැබිල්ල තුසිතගේම වැඩක් බව පොලීසිය උසාවියට කියයි !

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්‍යක්ෂවරයකු මෙන්ම හිටපු ජනාධිපති...

Tasty Tuesdays: කටට රහට හැදෙන කොත්තු රොටියේ රස රහස (The Story of Sri Lanka’s Beloved Koththu Roti)

සෑම අඟහරුවාදා දිනකම “Tasty Tuesdays” තුළින් ඔබට ආහාර පාන,...

“එක මිටට ගොවි බිමට” ජාතික කර්තව්‍යයට DEARO AGRI එක් වෙයි!

පුරන් කුඹුරු යළි අස්වද්දවා රට සහලින් ස්වයංපෝෂිත කිරීමට රජය...

කොළඹ කොටස් වෙළඳපොලෙන් තවත් වාර්තාවක් – S&P SL20 ඒකක 6,000 ඉක්මවයි !

කොළඹ කොටස් වෙළෙඳපොල ඉතිහාසයේ පළමු වරට S&P SL20 දර්ශකය...