මුම්බායි හි මහල් ගොඩනැගිල්ලක ගින්නක් !

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අද (06) අළුයම 3 ට පමණ , මුම්බායි හි Goregaon හි මහල් 7කින් යුත් ගොඩනැගිල්ලක ඇති වූ දැවැන්ත ගින්නකින් පුද්ගලයින් හත් දෙනෙකු මිය ගොස් 40 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තුවාල ලැබූවන් මුම්බායි හි රෝහල් වෙත රැගෙන ගොස් ඇති අතර, ගින්නෙන් මියගිය පුද්ගලයන් හත් දෙනාගෙන් දෙදෙනෙකු දරුවන් බවට වාර්තාවේ. තුවාල ලැබූ පුද්ගලයින් 40 දෙනාගෙන් 12 දෙනෙකු පිරිමින් බවත් 28 දෙනෙකු කාන්තාවන් බවත්, එක් දරුවකුද ද සිටින බවත් සඳහන් වේ.

මේ වනවිට ගින්න පිළිබඳ විමර්ශන ආරම්භ කර ඇති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැති බවද වැඩිදුරටත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති අරමුදලෙන් තවත් සේවාවක්!

රෂිකා හෙන්නායක ජනවාරි 14, කොළඹ LNW : ඉකුත් දා දිට්වා...

මුඛ සෞඛ්‍යයට හොඳ කලදසාවක් පෙන්වන “Arginine” වල බලපෑම!

සටහන – පුලී ජනවාරි 14, කොළඹ (LNW):  ස්වභාවිකව ඇති වන...

පිතිකරණයෙන් අලු වුණ අළු පන්දුවෙන් යළි නැගිටියි

නිශ්මං රණසිංහ ජනවාරි 14, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා ජාතික...

1800 ගණන්වල රජකම් කළ දෙවන ඉසබෙලා රැජිනට පසුව ස්පාඤ්ඤයේ සිහසුනට පත්වන පළමු මහාරාජිනිය…Princess Leonor

රෂිකා හෙන්නායක ජනවාරි 14 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ස්පාඤ්ඤයේ ඔටුන්න...