සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): අද (06) අළුයම 3 ට පමණ , මුම්බායි හි Goregaon හි මහල් 7කින් යුත් ගොඩනැගිල්ලක ඇති වූ දැවැන්ත ගින්නකින් පුද්ගලයින් හත් දෙනෙකු මිය ගොස් 40 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
තුවාල ලැබූවන් මුම්බායි හි රෝහල් වෙත රැගෙන ගොස් ඇති අතර, ගින්නෙන් මියගිය පුද්ගලයන් හත් දෙනාගෙන් දෙදෙනෙකු දරුවන් බවට වාර්තාවේ. තුවාල ලැබූ පුද්ගලයින් 40 දෙනාගෙන් 12 දෙනෙකු පිරිමින් බවත් 28 දෙනෙකු කාන්තාවන් බවත්, එක් දරුවකුද ද සිටින බවත් සඳහන් වේ.
මේ වනවිට ගින්න පිළිබඳ විමර්ශන ආරම්භ කර ඇති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැති බවද වැඩිදුරටත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??