අති සංවේදී විමර්ශන 07ක ෆයිල් යළි ඇරේ!

කොළඹ LNW:මෙතෙක් නොවිසඳුණු අති සංවේදී සිද්ධි 07ක් යළි විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ විශේෂ රැස්වීමකදී එම තීරණය ගෙන ඇත.

ඒ අනුව පාස්කු ප්‍රහාරය,මහ බැංකු බැඳුම්කර වංචාව,මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය,රගර් ක්‍රීඩක තාජුඩීන් ඝාතනය,මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදහන් කිරීම,කප්පම් ගැනීම සඳහා පැහැර ගෙන ඝාතනය අකර තිබෙන බවට චෝදනා එල්ල වී තිබෙන තරුණයින් 11 දෙනාගේ සිද්ධිය සහ මිග් යානා ගණුදෙනුව යන අති සංවේදී සිදුවීම් පිළිබඳ විමර්ශනයි එලෙස ආරම්භ කර ඇත්තේ.

ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් තුළ යුක්තිය සාධාරණය ඉටුකරන බවට දී තිබෙන සහතිකය මත එම කටයුතු ආරම්භ කර තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

22 වන සංශෝධනය විශාල බහුතරයකින් සම්මත වෙයි: පක්ෂව 158යි විරුද්ධව ඡන්ද 63යි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW : 22 වන ආණ්ඩුක්‍රම...

22 තුනෙන් දෙකෙන් සම්මතයි !

සටහන - රුවන් නෙළුගොල්ල 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්...

බ්‍රසීල මැතිවරණයට ට්‍රම්ප් පරිපාලනය මැදිහත් වන බවට ඇමරිකානු ඩිමොක්‍රටික් මන්ත්‍රීවරුන්ගෙන් චෝදනා

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 25 : ඇමරිකානු ජනාධිපති...

අල්ලස් චෝදනාවට සරණ ගුණවර්ධනගේ බිරිඳ රිමාන්ඩ්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:අල්ලස් ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත්...