දේශපාලකයින්ගේ හා ප්‍රබල ව්‍යාපාරිකයින්ගේ ආරක්ෂාව ඉවත් කිරීම කුමන්ත්‍රණයක්ද?

Date:

කොළඹ LNW: රජය මේ වන විට ඉතාම සැලසුම් සහගතව ඔවුන්ගේ විරුද්ධවාදීන්ගේ සහ රටේ ප්‍රබල ව්‍යාපාරිකයින්ගේ ආරක්ෂාව තර්ජනයට ලක්කරමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසුවේය.

ඒ, අද (07) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදීය.

එය යම්කිසි කුමන්ත්‍රණයක් ද යන සැකය පවතින බවයි කාරියවසම් මහතා සඳහන් කළේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පැවති ආරක්ෂාව ඉවත් කිරීම සම්බන්ධයෙන් ගැටළුවක් නැතත් පසුගිය කාලය තුළ ජීවිත තර්ජන තිබුණ මන්ත්‍රීවරු සිටි නිසා ආරක්ෂාව ඉවත් කිරීමට පෙර යම්කිසි ඇගයීමක් සිදුකර එම කාර්ය කරන්නේ නම් එහි ප්‍රශ්නයක් නොමැති බව ඔහු කියාසිටියේය.

ඉදිරි ජන්දය ඉලක්ක කරගනිමින් විරුද්ධවාදීන් නිහඬ කිරීමේ ඒකායන අරමුණින් මෙවැනි දේ සිදුනොකරන ලෙසයි කාරියවසම් මහතා තවදුරටත් අවධාරණය කළේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගාසා තීරයේ රාෆා හරස් මාර්ගය සීමිත ගමන් සඳහා නැවත විවෘත කරන බව ඊශ්‍රායලය පවසයි.

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රෆා දේශසීමා පිවිසුම සීමිත...

HNB සභාපති ඉවත් කරන්න කුමන්ත්‍රණයක්! මහමොළකරු සුරේෂ් ෂා? 

HNB සභාපති ඉවත් කරන්න කුමන්ත්‍රණයක්! මහමොළකරු සුරේෂ් ෂා? 

රංගන ශිල්පීන්ගේ විරෝධය මධ්‍යයේ Trump විසින් ප්‍රතිසංස්කරණ සඳහා කෙනඩි මධ්‍යස්ථානය වසා දැමීමට යයි..

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

වසරේ යොවුන් ඡායාරූප ශිල්පියාට හිමි සම්මානය වෙනුවෙන් තරඟකරුවන් 11ක්!

සටහන - පුලී පෙබරවාරි 02, LNW (කොළඹ): යෞවනයන්ට අපේ ලෝකය...