දේශපාලකයින්ගේ හා ප්‍රබල ව්‍යාපාරිකයින්ගේ ආරක්ෂාව ඉවත් කිරීම කුමන්ත්‍රණයක්ද?

Date:

කොළඹ LNW: රජය මේ වන විට ඉතාම සැලසුම් සහගතව ඔවුන්ගේ විරුද්ධවාදීන්ගේ සහ රටේ ප්‍රබල ව්‍යාපාරිකයින්ගේ ආරක්ෂාව තර්ජනයට ලක්කරමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසුවේය.

ඒ, අද (07) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදීය.

එය යම්කිසි කුමන්ත්‍රණයක් ද යන සැකය පවතින බවයි කාරියවසම් මහතා සඳහන් කළේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පැවති ආරක්ෂාව ඉවත් කිරීම සම්බන්ධයෙන් ගැටළුවක් නැතත් පසුගිය කාලය තුළ ජීවිත තර්ජන තිබුණ මන්ත්‍රීවරු සිටි නිසා ආරක්ෂාව ඉවත් කිරීමට පෙර යම්කිසි ඇගයීමක් සිදුකර එම කාර්ය කරන්නේ නම් එහි ප්‍රශ්නයක් නොමැති බව ඔහු කියාසිටියේය.

ඉදිරි ජන්දය ඉලක්ක කරගනිමින් විරුද්ධවාදීන් නිහඬ කිරීමේ ඒකායන අරමුණින් මෙවැනි දේ සිදුනොකරන ලෙසයි කාරියවසම් මහතා තවදුරටත් අවධාරණය කළේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිල් පාටින් සැරසී ලේ බැම්මේ හයිය පෙන්වූ shakira සහ ඇයගේ පුතුන් දෙදෙනා වේදිකාව හොල්ලයි!

සටහන – පුලී දෙසැම්බර් 12, කොළඹ (LNW): ආජන්ටිනාවේ ගුස්ටාවෝ සෙරාටිට...

ආපදා තත්ත්වය ගැන දැනගෙන හිටියද? සමඟිය තොරතුරු පනතින් විස්තර ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: කාලගුණ අනාවැකි අනුව සිදුවිය හැකි හදිසි...

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12 , කොළඹ LNW : සැකපිට...

ආපදා සහන වෙනුවෙන් UN වෙතින් මානුෂිය ප්‍රමුඛතා සැලැස්මක්!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ ජන...