සනත්ගේ පත්විම මාස හයකට ස්ථීර කරයි

සටහන – නිශ්මං රණසිංහ
ඔක්තෝබර් 07, (LNW) කොළඹ :

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සහභාගි වූ එක්දින සහ විස්සයි විස්ස තරගාවලියේ දී තාවකාලක පුහුණුකරු ලෙසින් ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එකතු වූ සනත් ජයසූරිය,එම තරගාවලියේ දි ශ්‍රී ලංකාව ලැබූ අන්පේක්ෂිත ජයත් සමඟ එංගලන්ත සංචාරයේ දී මෙන්ම නවසීලන්තය ශ්‍රී ලංකාවේ පුහුණුකරු ලෙස තාවකාලිකව කටයුතු කළේය.
එම තරගාවලිය ද සාර්ථක විමෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් සනත් ජයසූරිය ස්ථීර ලෙස පුහුණුකරු තනතුරට පත් කරන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් තීරණය කර ඇත.එම කාල සීමාව මසා හයකි.ඔක්තෝම්බර් 1 වන දා සිට බලපැවත්වෙන පරිදි ස්ථීර කර ඇති පුහුණුකරු ධූරයේ කාලය මාර්තු 21 වන දායින් අවසන් වේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සම්බන්ධයෙන් පසුගිය කාලයේ සනත් ජයසූරිය ද යම් යම් ආකාරයේ විවේචනය කළ අතර ඔහු මේ ආකාරයට පුහුණුකරු ධූරයේ ස්ථීර කිරීමට ප්‍රථම එයට හිමි වැටුප් සම්බන්ධයෙන් සනත් සිය එකඟතාවය පළ නොකළ බවට ද වාර්තා පළ වූ අතර ඔහු වැඩි මුදලක් ඉල්ලමින් හෙට්ටු කළ බව වාර්තා විය.එහෙත් මේ වන විට ඔහු එම තතුරු භෘරගත් බව නිල වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් තහවුරු කර ඇත.

http://www.sportwaynews.com

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොත්මලේ වාන් දොරටු විවෘත කිරීමට පෙර මහවැලි අධිකාරියෙන් දැනුම් දීමක්!

කොළඹ LNW:පවතින අධික වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ කොත්මලේ...

චීන ආයෝජන සීමා පුළුල් කිරීමට ඇමරිකාව ගත් තීරණයට චීනයේ දැඩි විරෝධය!

කොළඹ LNW:විදෙස් ආයෝජන සඳහා වන සීමා කිරීම් පුළුල් කිරීමට...

රාජාංගනයේ වාන් දොරටු 16ක් විවෘත කරයි.මහවැලි ගඟ ආශ්‍රිතවත් සුළු ගංවතුර අවදානමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රාජාංගන ජලාශයේ වාන් දොරටු 16ක් විවෘත කර...

බ්‍රසීල නායකයාගේ ඓතිහාසික ජයග්‍රහණයට ජනපති අනුරගෙන් සුබපැතුම්!

කොළඹ LNW:සිව්වන වරටත් බ්‍රසීලයේ ජනාධිපතිවරයා ලෙස පත්වූ හිටපු ජනාධිපති...