ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සුරා බදු කොමසාරිස් ඇතුළු පිරිසට එරෙහිව මෝසමක්!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ (LNW):

අධිකරණයට අපහාස කිරීම පිළිබඳ නඩුකරයකට මුහුණ පා සිටින සුරා බදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි ඇතුළු වග උත්තරකාර නිලධාරීන් පිරිසක් විදෙස් ගතවීමේ සූදානමක් ඇති බවට තොරතුරු ලැබී ඇති බැවින් ඔවුන් විදේශගත වීම වළක්වාලන තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෝසමක් ඉදිරිපත් කර ඇති බව පැවසේ.

නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචි ගිහාන් ශවින්ද ප්‍රනාන්දු මහතා විසින් මෙම මෝසම ඉදිරිපත් කළ අතර එහි වග උත්තරකරුවන් ලෙස  සුරා බදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි, එහි අතිරේක අධ්‍යක්ෂ ජනරාල් වරුන් වන ඒ. එම්. පී. අරම්පත් සහ නියෝජ්‍ය සුරාබදු කොමසාරිස්වරුන් වූ කේ, ධර්ම සීලන් සහ සී.ජේ.ඒ. විරක්කොඩි යන අය නම් කරනු ලැබ සිටිති.

නීතියට පටහැනි ලෙස අලුතින් මත්පැන්හල් බලපත්‍ර නිකුත් නොකරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉකුත්දා නිකුත් කරනු ලැබූ අතුරු තහනම් නියෝගයක් නොතකා  කටයුතු කිරීම තුළින් සුරා බදු කොමසාරිස් ජෙනරාල්වරයා ඇතුළු වග උත්තරකරුවන් අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බවත් ඔවුන්ට එරෙහිව නඩු විභාගයක් පවත්වා සුදුසු දඩුවම් පමුණුවන ලෙසත් ඉල්ලා ගොනුකර ඇති පෙත්සමට අදාළව මෙම මෝසම ඉදිරිපත් කර තිබේ. එම මෝසම තුළින් පෙත්සම්කරු සඳහන් කර තිබෙන්නේ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධ නඩුකරයකට මුහුණපා සිටින වග උත්තර කරුවන් රටින් බැහැරවීමට සූදානම් වන බවට තොරතුරු ලැබී ඇති බවයි.

යම් හෙයකින් වග උත්තරකරුවන් රටින් බැහැර වුවහොත් මෙම නඩු කටයුතුවලට විශාල අගතියක් සිදුවිය හැකි එබැවින් ඔවුන්ට එරෙහිව විදේශගතවීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු සිය මෝසමෙන් වැඩිදුරටත් ඉල්ලා ඇති බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරුණෑගල හිටපු නගරාධිපති රට පනින්නද හදන්නේ?

කොළඹ LNW:කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ රටින් පිටව...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම 2025 ජුලි කලාපය හිටිවන හෙළ කවේ නද...

ප්‍රකෝටිපති මස්ක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

බස් ගාස්තු සංශෝධනය වෙයි – නව ගාස්තු ජූලි 4 සිට ක්‍රියාත්මකයි!

කොළඹ LNW:එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස්...