ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සුරා බදු කොමසාරිස් ඇතුළු පිරිසට එරෙහිව මෝසමක්!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ (LNW):

අධිකරණයට අපහාස කිරීම පිළිබඳ නඩුකරයකට මුහුණ පා සිටින සුරා බදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි ඇතුළු වග උත්තරකාර නිලධාරීන් පිරිසක් විදෙස් ගතවීමේ සූදානමක් ඇති බවට තොරතුරු ලැබී ඇති බැවින් ඔවුන් විදේශගත වීම වළක්වාලන තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෝසමක් ඉදිරිපත් කර ඇති බව පැවසේ.

නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචි ගිහාන් ශවින්ද ප්‍රනාන්දු මහතා විසින් මෙම මෝසම ඉදිරිපත් කළ අතර එහි වග උත්තරකරුවන් ලෙස  සුරා බදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි, එහි අතිරේක අධ්‍යක්ෂ ජනරාල් වරුන් වන ඒ. එම්. පී. අරම්පත් සහ නියෝජ්‍ය සුරාබදු කොමසාරිස්වරුන් වූ කේ, ධර්ම සීලන් සහ සී.ජේ.ඒ. විරක්කොඩි යන අය නම් කරනු ලැබ සිටිති.

නීතියට පටහැනි ලෙස අලුතින් මත්පැන්හල් බලපත්‍ර නිකුත් නොකරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉකුත්දා නිකුත් කරනු ලැබූ අතුරු තහනම් නියෝගයක් නොතකා  කටයුතු කිරීම තුළින් සුරා බදු කොමසාරිස් ජෙනරාල්වරයා ඇතුළු වග උත්තරකරුවන් අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බවත් ඔවුන්ට එරෙහිව නඩු විභාගයක් පවත්වා සුදුසු දඩුවම් පමුණුවන ලෙසත් ඉල්ලා ගොනුකර ඇති පෙත්සමට අදාළව මෙම මෝසම ඉදිරිපත් කර තිබේ. එම මෝසම තුළින් පෙත්සම්කරු සඳහන් කර තිබෙන්නේ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධ නඩුකරයකට මුහුණපා සිටින වග උත්තර කරුවන් රටින් බැහැරවීමට සූදානම් වන බවට තොරතුරු ලැබී ඇති බවයි.

යම් හෙයකින් වග උත්තරකරුවන් රටින් බැහැර වුවහොත් මෙම නඩු කටයුතුවලට විශාල අගතියක් සිදුවිය හැකි එබැවින් ඔවුන්ට එරෙහිව විදේශගතවීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු සිය මෝසමෙන් වැඩිදුරටත් ඉල්ලා ඇති බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...