මං මොකටද නාඩා ඉන්නෙ – Golden Glove දිනූ බ්‍රසීලයේ විලියන් අසයි

Date:

සටහන – නිශ්මං රණසිංහ
ඔක්තෝබර් 07, (LNW) කොළඹ :

ලෝක ෆුට්සාල් සූරතාවය ජය ගත්තේ මෙවරත් බ්‍රසීලයය.නිමා වුණු 10 වන ලෝක සුරතාවයේදී බ්‍රසීලය සූරයන් වන්නේ හයවන වරටය.පාපන්දුව පාරත් එක්ක බද්ධ වී ඇති බ්‍රසිලියානු සංස්කෘතිය ඇතුළේ කුඩා ඉඩක වුව පාපන්දුව හැඩවෙන අයුරු මනරම් දසුනක්ය.එවැනි පොළවකට පාපන්දු පිටියකට වඩා ඉඩ අඩු තැනක තරගකාරී පාපන්දු ක්‍රීඩාවක් හඳුන්වා දීම ඔවුන් ආසන්නයේ ස්වර්ගය පහළ කිරීමක් වැනිය.ඉිං එවන් දේවත්වයෙන් තමන්ගේ පා මත හැසිරෙන පන්දුවකින් හුස්ම ගන්න ජාතියක් හය වරක් නොව දහවරම ෆුට්සාල් ලෝක කුසලානය දිනා ගත්තත් මවිත වන්නට ඒ තරම් දෙයක් නැත.

එහෙත් මවිත නොවී කොහොමද?
පළලින් පටු ගෝල් කණු දෙක අතරින් ඇස් අදහා ගත නොහැකි තරම් වේගයෙන් දැලට එල්ලවන පන්දුවක් විශ්මයක් නොවන්නේ කෙසේද? එසේම එම වේගයෙන් එල්ල වන පහරක නිවැරදිම ඉලක්කය සොයා පියඹන ගෝල් රකින්නෙකුත් ඒ විශ්මයේම කොටසක්ය.ඉතිං ඒ ගෝල් රැකීම ගැන ඉපැද්දෙන කඳුළු කුමටනම් වළක්වන්න ද?

“හැඟීම් විස්තර කළ නොහැකියි. මේ දිගු ගමනේ විඩාව සහ මානසික ආතතිය ඉතා අධිකයි. සියල්ල එබදු වෛද්දීත් ලෝක කුසලානය ජයග්‍රහණය කිරීම විශිෂ්ට ජයග්‍රහණයක්.”
ඒ නොනවත්වා සිය දෑසෙන් රූරා වැටෙන කඳුළුවල හේතුව විලියන් පැවසුවේ එසේය.

කහපාට තරගයක්
කෙනෙක් එසේ මෙවර ලෝක කුසලාන අවසාන තරගය අරුත් ගන්වන්නට ඉඩ ඇත.එ් තරමට සූරතාව අත්පත් කර ගැනීම වෙනුවෙන් සටන් වැදි දෙපිළ,එකිනෙකා පරයා නැඟෙන්නට ගත් උත්සාහයන්වලදී විනිසුරුට කහ කාඩි ආවවාදය සිහියට නංවන්නට ගත් උත්සාහයන් ඒ තරමට බහුල විය. ගෝල 2-1 ක් ලෙස අවසානයේ සූරත්වය හුරු බ්‍රසීලය නැවතත් ලෝක සූරයන් බවට ඒත්තු ගැන්විණ.

බ්‍රසීලයම පමණක් නොව සමස්ත තරගාවලියම ආවරණය වන පරිදි විශිෂ්ඨතමයන් ඇගයීමට පත් කරද්දී ද විලියන් පමණක් නොව ගෝල්ඩන් බෝල් නම් වූ තරගාවලියේ සුපිරිතමයා හැඳින්වීමේදීත්,ගෝල්ඩන් බූට් වූ වැඩිම ගෝලලාභියා තේරීමේදී ත් බ්‍රසිලියානුවන් පෙරමුණ ගෙන උන්නේය.සමස්තයක් ලෙස ඒ ආකරයට ලෝක ෆුට්සාල් කුසලානය නිමාවේ ඇග්‍යීම් ලද පිරිස් පහත පරිදි විය.

අඩිඩාස් රන් පන්දුව: දියාගෝ (බ්‍රසීලය)
අඩිඩාස් රිදී බෝලය: මාලන් (බ්‍රසීලය)
අඩිඩාස් ලෝකඩ පන්දුව: රොස්ටිස්ලාව් සෙමෙන්චෙන්කෝ (යුක්රේනය)
අඩිඩාස් ගෝල්ඩන් බූට්: මාසෙල් (බ්‍රසීලය)
අඩිඩාස් රිදී සපත්තු: ඩැනිල් අබක්ෂින් (යුක්රේනය)
අඩිඩාස් ලෝකඩ සපත්තුව: කෙවින් අරීටා (ආර්ජන්ටිනාව)
අඩිඩාස් රන් අත්වැසුම: විලියන් (බ්‍රසීලය)

http://www.sportwaynews.com

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එස්එස්සී ඉහළට

නිශ්මං රණසිංහ ජනවාරි 26, කොළඹ LNW: ඉකුත් වසරේ දක්වන ලද...

ඉරානයට පහර දුන්නොත් ‘සම්පූර්ණ යුද්ධයක්’ ඇති වන බවට ඉරාකයේ Kataib Hezbollah සංවිධානය අනතුරු අඟවයි

රෂිකා හෙන්නායක ජනවාරි 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...

චීනයේ ඉහලම ජෙනරාල්වරයකු න්‍යෂ්ටික හා මිසයිල සම්බන්ධ රාජ්‍ය රහස් එක්සත් ජනපදයට කාන්දු කළ බවට චෝදනා ලබයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 26: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ජ්‍යෙෂ්ඨතම හමුදා...

2025 අපනයන ආදායමේ කැපී පෙනෙන වෙනසක් – වෙලා තියෙන වෙනස මෙන්න!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: 2025 දී ශ්‍රී ලංකාවේ අපනයන අංශය...