දකුණු අප්‍රිකාව,පන්දු රැකීමේ විශිෂ්ඨත්වයෙන් ලෝක සූරියෝ අසරණ කරයි

Date:

නිශ්මං රණසිංහ  ඔක්තෝබර් 07 කොළඹ LNW:

මෙවර කාන්තා ලෝක කුසලාන තරගාවලියේ පළමු තරගයේදි දැවන්තම පරාජය ලද දකුණු අප්‍රිකාව සිය විශිෂ්ඨ පන්දු රැකීම මඟින් ලෝක සූර නවසීලන්තයට මෙවර තරගාවලියේ දෙවන පරාජය අත් කර දෙන්නට සමත් වුණා.උඩ පන්දු අත හැරීමෙන් ජය/්‍රහණය අත හැරෙන බවට ශ්‍රී ලංකාව ඉන්දියාව ඉදිරියේ දක්වන ලද ඇත්ත සේ ම,උඩ පන්දු රැක ගැනීමෙන් ජයග්‍රහණ රැක ගැනීමට හැකි බව දකුණු අප්‍රිකාව මෙහිදී පෙන්වා දුන්නා.


ලෝක සූර නවසීලන්තය පළමු තරගයේදී ඔස්ට්‍රේලියාව වෙතින් පරාජය ලබද්දී,සටන්කාමී ශතකයක් ලබා ගත් නවසීලන්ත නායක සොෆි ඩිවයින් මෙම තරගයේදී ද ලකුණු 85 ක් ලබා ගැනීමට සමත් වුණා.එහෙත් ආසන්න දැවී යාම් අවස්ථා ස්ථීර කරන දක්ෂ පන්දු රැකීම සමඟ දකුණු අප්‍රිකාව ගොඩ නඟන ලද පීඩනය හමුවේ ඩිවයින්ට යම් සහයක් ලබා දුන්නේ බෘක් හැලිඩේ (45) සහ ජෝර්ජියා ෆ්ලිම්මර් (31) පමණයි.ඩිවයින් ෆ්ලිම්මර් සමඟ තෙවන කඩුල්ල සඳහා ලකුණු 57 ක් එකතු කළ අතර,හැල්ඩේ සමග සිව්වන කඩුල්ලට ලකුණු 86 ක් එකතු කරන්නට සමත් වුණා.පන්දු යැවීමේදී ම්ලබා ලකුණු 40 කඩුලු 4 ක් දවා ගනිමින් කැපී පෙණුනා.


පිළිතුරු ඉණිමේ දී දකුණු අප්‍රිකානු සැඩ සුළඟ ලෝරා ලෝරා වොල්වර්ඩ්ට් වේගවත් ආරම්භයකට අඩිතාලම දමමින් පන්දු 10 න් ලකුණු 14 ක් රැස් කර තිබුණ මොහොතක දවා ගනිමින් තරගයට අවතීර්ණ වන්නට නවසීලන්තය සමත් වුණත්,ටෂ්මින් බ්‍රිට්ස් (101) සහ සුනේ ලෝස් (නොදැවී 83) සිඳු කළ විශිෂ්ට පිතිහරඹය තරගය ගැන නවසීලන්තයට තිබුණ සියලු බලාපොරොත්තු හකුලා දැම්මා.ඔවුන් දෙදෙනා දෙවන කඩුල්ලට ලකුණු 159 ක සබඳතාවයක් පවත්වාගෙන යන්නට සමත් වුණා.


තරගයේ වීරවරිය විය යුතුම ශතකයකින් දකුණු අප්‍රිකානු ජයට දායක වූ බ්‍රිට්ස් දැවී ගිය ද,සුනේ ඉනික්බිති වගකීම සිය දෙ‘උර මත තබා ගනු ලැබුවා.තවත් පන්දු 55 ක් පන්දු ඕවර් 50 නිමා වීමට ඉිරිව තිබියදී දකුණු අප්‍රිකාව කඩුලු හයකින් ජය ගනිද්දිත් සුනේ වගකීම අතරමැද නොදා ගොසින් නොදැවී කඩුල්ලේ රැදී සිටියා.
තරගයේ ලකුණු විස්තරය – https://bit.ly/4gTtPhG

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“Automobile Industry Awards  2025″ප්‍රථම වතාවට ශ්‍රී ලාංකාවේ!

රෂිකා හෙන්නායක නොවැම්බර් 21, කොළඹ LNW : අධ්‍යාපන අමාත්යාාංශය, කර්මාන්ත්...

නුගේගොඩ රැළියට පොලීසියෙන් නියෝගයක්!

කොළඹ LNW:අද (21) නුගේගොඩ දී විපක්ෂයේ කණ්ඩායම කිහිපයක් විසින්...

ප්‍රජා ශක්ති වැඩසටහනට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පැසසුම්!

කොළඹ LNW:දිළිඳුබව තුරන් කිරීම සඳහා රජය විසින් ක්‍රියාත්මක කර...

දකුණු මුහුදේදී අත්අඩංගුවට ගත් බහුදින ධීවර යාත්‍රාවේ තිබු  මත්ද්‍රව්‍ය තොගය ගැන හෙළි වූ දේ!

රෂිකා හෙන්නායක නොවැම්බර් 21, කොළඹ LNW : පොලිස් මත්ද්‍රව්‍ය නාශක...