දුමිදු ගුවාතමාලා සූරතාවය දිනා ගනියි

Date:

නිශ්මං රණසිංහ  ඔක්තෝබර් 07 කොළඹ LNW:

උතුරු සහ ඇමෙරිකානු මහද්වීප අතර සැරිසරමින් ජාත්‍යන්තර බැඩිමින්ටන් තරගාවලිවලට සහභාගි වෙමින් දක්ෂතා දක්වමින් සිටින දුමිදු අබේවික්‍රම එම උත්සාහයේ පල නෙලා ගනිමින් ගුවාතමාලා ජාත්‍යන්තර බැඩිමින්ටන් තරගාවලියේ පිරිමි කේවල සූරයා වන්නට සමත් වුණා.
මේ තරගාවලියට අදාළ ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්වලදී මේ වන විට ලෝක ශ්‍රේණිගත කිරීම්වල 129 වන තැන සිටින දුමිදු ට හිමි වූයේ හත්වන තැනයි.එහෙත් තරගාවලිය තුළ තමන්ට ඉදිරියෙන් සිටි ක්‍රිඩකයින් අභිබවමින් පෙරට පැමිණි දුමිදු අවසාන පූර්ව තරගයේදී තරගාවලියේ අංක එක ක්‍රීඩකයා ලෙස නම් කර සිටි ක්‍රොඑෂියාවේ ආරියා ඩිනාටා පරාජයට පත් කරනවා.වට 2-0 ක් ලෙස දුමිදු ජයගන්න එම තරගයේ ලකුණු තත්ත්වය 21 – 18 ක් සහ 21 -14 ක් ලෙස දැක්වෙනවා.ඩිනාටා ජගත් ශ්‍රේණිගත කිරීම්වල 68 වන තැන පසුවෙනවා.


අවසාන තරගයේදී දුමිදු විසින් පරාජයට පත් කරන්නේ ජගත් ශ්‍රේණිගත කිරීම්වල 106 වන තැන සිටින ඇමෙරිකාවේ මාර්ක් සෙලී අල්කාලා වන අතර එම තරගය ද වට 2-0 ක් ලෙස නිමා කරන්නට දුමිදු සමත් වෙනවා.අවසාන පූර්ව තරගයේදී ඩිනාටාට එරෙහි තරගය විනාඩි 37 න් ජයගන්නා දුමිදු,අවසාන තරගයේ දී සිය ජයග්‍රහණය වාර්තා කරන්නට විනාඩි 46 ක් ගෙවා දමන අතර ලකුණු විස්තරය සටහන් වූයේ ලකුණු 21 – 18 සහ 21 – 13 ක් ලෙසයි.

I La Perla Del Otún Future Series 2025 සහ II Costa Rica Future Series 2025 යන තරගාවලි දෙකේම අවු සූරතාවය දිනා ගනිමින් ආසන්න සති කිහිපය තුළ කැපී පෙණුන දුමිදු අවසාන ශ්‍රේණිගත කිරීමේදී ස්ථාන තුනක් ඉදරියට ඒමට සමත් වී සිටින අතර ඉදිරි ශ්‍රේණිගත කිරීම්වලදී ගුවාතමාලා සූරතාවය ද සමඟ තව දුරටත් සිය ශ්‍රේණිය ඉහළ දමා ගැනීමට කටයුතු කරනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Sydney Lions District 201N5 සමුළුවේදී ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට ඉහළ පිළිගැනීමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 22, කොළඹ LNW : සිඩ්නි සිංහ දිස්ත්‍රික්...

අඩුකළ ඖෂධ ලැයිස්තුව සහ මිල ගණන් මෙන්න!

කොළඹ LNW:මෙරට ඖෂධ සැපයුම් ක්‌ෂේත්‍රයේ ඖෂධ වර්ග 350 ක...

විවිධ රෝග හේතුවෙන් කපා ඉවත් කරන පොල් ගසක් සඳහා ලබාදෙන මුදල වැඩි කරයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 22, කොළඹ LNW : මේ දිනවල පොල්...

පහළ කඩුගන්නාවේ නාය යෑම – පුද්ගලයෙක් ජීවිතක්ෂයට

කොළඹ LNW:පහළ කඩුගන්නාව ගනේතැන්න ප්‍රදේශයේ නුවර-කොළඹ ප්‍රධාන මාර්ගය අසල...