ශ්‍රී ලංකාව ක්‍රිකට් පුහුණුවේ නව මානයන් අත්හදා බැලීමක

Date:

නිශ්මං රණසිංහ  ඔක්තෝබර් 07 කොළඹ LNW:

ශ්‍රී ලංකාව ක්‍රිකට් පුහුණු කටයුතුවලදී නව මානයන් කෙරෙහි යොමු වෙමින් ශ්‍රී ලංකාවේ පිතිකරණ පුහුණුකරු ලෙස ජුලියන් වුඩ් කැඳවා තිබෙනවා.එසේම දඟ පන්දු යැවිමේ පුහුණුකරු ලෙස ආචාර්ය රෙනේ ෆර්ඩිනන්ස් කැඳවීමට තීරණය කර තිබෙනවා.
තදින් පහර දීමේ සංකල්පයේ පුහුණුකරු ලෙස මිට ආසන්න කාලයක ශ්‍රී ලංකා කණ්ඩායමට විශේෂඥ උපදෙස් ලබා දීමට සම්බන්ධ වූ ජුලියන්,එම සංකල්පයේ ප්‍රමුඛයා සහ මූලිකයා ලෙස ද බොහෝ දෙනෙක් හඳුන්වනු ලබනවා.නව ක්‍රමෝපායන් සමඟින් එම ක්‍රියාවේ විශේෂඥයෙකු වන ජුලියන් ජාතික පිතිකරණ පුහුණුකරු වගකීමට නම් කිරිම නව අත්හදා බැලීමක් ලෙස හැඳින්විය හැකියි.


ආචාර්ය රෙනේ ශ්‍රී ලංකාවේ උපත ලැබූ නවසීලන්ත ජාතිකයෙකු ලෙස ක්‍රියාකරන අතර ඔහු ජෛව යාන්ත්‍ර විද්‍යාව සහ ක්‍රිකට් අතර සහසම්බන්ධයක් ඇති කිරීමේ ප්‍රමුඛයෙකු ලෙස සළකනු ලබනවා.බොහෝ විට පාරිසරික සාධක සමඟ පන්දුවේ ස්වභාවය වඩාත් භෞතිකව කියවා ගැනීමේ වෘත්තිමය හැකියාව සමඟ කටයුතු කිරීමේ හැකියාව ආචාර්ය රෙනේ වෙත තිබීම පන්දු යවන්නාට ක්‍රියාත්මක වන මොහොත සමඟ වැඩ කිරීමට හැකි දැණුම උපයා ගැනීමට හේතුවක් වනු ඇති බවට විශ්වාස කළ හැකියි.


සම්ප්‍රදාය ඉක්මවා තාක්ෂණය සහ විද්‍යාව සමඟ පෙරට යාමට අවශ්‍යය සංකල්පමය පොහොසත්කමක් ඇති පුද්ගලයන් දෙදෙනෙකු මඟ පෙන්වීමට යොදා ගැනීම අභියෝගාත්මක තීරණයක් ලෙස ගත හැකියි.සැබවින්ම අත්හදාබැලීමේ කළාපයට වැටෙන මෙම තීරණය සාර්ථකවීම, ලෝකයට පුහුණු තාක්ෂණය පුහුණුකරුවෙකු වීමට තිබිය යුුතු ක්‍රීඩක ආයුෂ සළකා බැලීම ඉක්මවා වෙනත් විද්‍යාත්මක සංසකෘතියක ක්‍රිකට් පිහිටුවීමක් විමේ හැකියාවෙන් යුතුයි.එසේම අවදානම් සහගතයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විවිධ රෝග හේතුවෙන් කපා ඉවත් කරන පොල් ගසක් සඳහා ලබාදෙන මුදල වැඩි කරයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 22, කොළඹ LNW : මේ දිනවල පොල්...

පහළ කඩුගන්නාවේ නාය යෑම – පුද්ගලයෙක් ජීවිතක්ෂයට

කොළඹ LNW:පහළ කඩුගන්නාව ගනේතැන්න ප්‍රදේශයේ නුවර-කොළඹ ප්‍රධාන මාර්ගය අසල...

පිරිමින්ගේ දිව දෙකේ වැඩවලට “G Spot” වලින් පිළිතුරු දුන් ජිලියන්!

ඕවින්දි විෂ්මිකානොවැම්බර් 22, ලෝකය (LNW): Harper’s Bazaar Women of...

පෙරමුණ සිටින සීආර් ට වැස්සෙන් බාධා

නිශ්මං රණසිංහ නොවැම්බර් 22, කොළඹ LNW මැලිබන් බිස්කට් අනුග්‍රහයෙන් ක්‍රියාත්මක...