ආණ්ඩුවට අවුරුද්දක් ඉවරයි. ණය ගෙවන්න තියෙන සූදානම කියන්න – සජිත්ගෙන් ප්‍රශ්න වැලක්!

Date:

කොළඹ LNW:ශ්‍රී ලාංකිකයන් හට බංකොලොත් වූ රටක අත්දැකීම් ලබන්න හේතු වූ සුවිශේෂී කරුණක් වූයේ දුර්වල ණය කළමනාකරණය බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුම් ගතව තිබියදී රට භාරගත් වත්මන් ආණ්ඩුව එය සංවර්ධිත මාර්ගයකට හරවා යැයි ජනතාව අපේක්ෂා කළ බවත් රටේ ඉදිරි සංවර්ධිත ඉලක්ක හා ඒ සම්බන්ධ වන ආර්ථිකයේ සූදානම දැන ගැනීමට අවශ්‍ය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (07) පාර්ලිමේන්තුවේදී පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්න කරමිනි.

මේ වන විට ශ්‍රී ලංකාවේ සමස්ත සංචිත මුදල් ප්‍රමාණයත්, පසුගිය ගෙවුනු වසරේ සංචිතවල මාසික වෙනස්වීමේ ප්‍රමාණය දැන ගැනීමට අවශ්‍ය බවද විපක්ෂ නායකයා සඳහන් කරන ලදී.

2028 වන විට ඩොලර් බිලියන 15ක සංචිත ඉලක්කයක් සපුරාලීමට රජය සැලසුම් කර ඇති නිසා මේ වන විට රටේ සමස්ත ණය ප්‍රමාණයත් එය දේශීය හා විදේශීය වශයෙන් වෙන් වෙන්ව ඉදිරිපත් කරන ලෙසත් වත්මන් රජය ගත් ණය ප්‍රමාණයත් ඉදිරිපත් කරන ලෙසද හෙතෙම කියාසිටියේය.

විදේශ ණය නම් ද්විපාර්ශ්වීය බහුපාර්ශ්වීය හා සෛරී බැදුම්කර ලෙස වෙන් වෙන් වශයෙන් ඉදිරිපත් කරන ලෙසත් මෙම වසර තුළ ණය වාරික සහ පොලී වශයෙන් සිදු කරන ලෙස ගෙවීම් ප්‍රමාණයත් එය ඉදිරි වසර 5 සදහා වෙනස්වන ප්‍රමාණයත් වෙන වෙන්ව ඉදිරිපත් කරන ලෙසත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය. IMF වැඩසටහන අවසන් වූ පසු ණය සේවාකරණයට රාජ්‍ය ආදායමෙන් තුනෙන් දෙකක් ගෙවීමට ඇති හෙයින් උක්ත දත්ත ඉදිරිපත් කරන ලෙසයි ඔහු ආණ්ඩුවට අවධාරණය කළේ.

එමෙන්ම ඉදිරි වසර 5 තුළ ණය ගෙවීමේ ක්‍රියාවලිය තිරසරව පවත්වා ගැනීම සඳහා රජයේ ඇස්තමේන්තුගත ආර්ථික වර්ධන වේගය ඉදිරිපත් කරන ලෙසද ඔහු ඉල්ලා සිටියේය.

එම ඉලක්ක මේ වසරේ සපුරා ගෙන ඇත් ද සහ ඊළග වසර 5 තුළ එය කෙසේ පුරෝකථනය කර ඇත් ද කියා ඉදිරිපත් කරන ලෙසත් සාධනීය ලෙස ණය ගෙවීමට වාර්ෂිකව පවත්වාගෙන යුතු යැයි අපේක්ෂිත අවම අපනයන ආදායම් ප්‍රමාණය හා විදේශ ප්‍රේෂණ ප්‍රමාණ කොපමණ ද කියා විපක්ෂ නායකවරයා තවදුරටත් ප්‍රශ්න කර සිටියේය.

ගෙවුනු වසරේ සෘජු විදේශ ආයෝජන ලෙස ලැබුණු ප්‍රමාණයත් ඉදිරි වසර 5 තුළ රජය අපේක්ෂා කරන සෘජු විදේශ ආයෝජන ප්‍රමාණය සහ කුමන ක්ෂේත්‍ර යටතේ ඒවා ලබා ගැනීමට අපේක්ෂා කරන්නේද කියා දැන ගැනීමට බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

ආශිකා බ්‍රාහමණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පහළ කඩුගන්නාවේ නායයාමක්. නුවර – කොළඹ මාර්ගයේ වාහන ගමනාගමනය සීමා කෙරේ (VIDEO)

පහළ කඩුගන්නාව ප්‍රදේශයේ නායයාමක් සිදුව තිබේ. මේ හේතුවෙන් නුවර -...

ජාතික ක්‍රීඩාවේ ආධුනිකයන්ට දොර ඇරෙන මන්චි පළාත් තරග ඇරඹෙයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 22, කොළඹ LNW සිලෝන් බිස්කට් සමාගමේ අනුග්‍රහය...

හැට අට ලක්ෂය යනු සීයට තුන නොවේ ….

මීට අවුරුදු තුනකට කලින් එළියටවත් බහින්න බැරිව හිටපු රාජපක්ෂලා...

සුබ උපන්දිනයක් ‘ජෝ

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 22: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඇමරිකා එක්සත්...