යූටියුබ්කරුවකූ වන සුදත්තට එරෙහි පෙත්සමක් විභාගයට දින!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07 කොළඹ LNW :

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් යූටියුබ් කරුවකූ වන සුදත්ත තිලකසිරි මහතාට එරෙහිව හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා විසින් ගොනුකර තිබෙන පෙත්සමක් සලකා බැලීම සඳහා දෙසැම්බර් මස 02 වන දා කැඳවන ලෙස අභියාචනාදීකරණය අද නියෝග කළ බව වාර්තා වේ.

අද (07) මෙම පෙත්සම අභියාචනාධිකරණයේදී සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවා ඇත.

එහිදී දෙපාර්ශවයේ නීතිඥවරු අධිකරණයට දැනුම් දුන්නේ මෙම පෙත්සම සමථයට පත් කිරීමට තිබෙන හැකියාව පිළිබඳ සොයා මීලග දින අදිකරණයට දැනුම් දෙන බවයි.

ඒ අනුව මෙම පෙත්සම දෙසැම්බර් මස 02 වනදා යලි කැඳවන ලෙස අභියාචනාධිකරණය නියෝග කළා. සුදත්ත තිලකසිරි මහතා සිය යූටියුබ් නාලිකාව ඔස්සේ පළ කළ අදහස් වලින් අධිකරණයට අපහාසයක් සිදු වී ඇති බවත් ඒ අනුව ඔහු සම්බන්ධයෙන් විභාගයක් පවත්වා සුදුසු දඬුවම් ලබාදෙන ලෙසත් ඉල්ලා හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

BLUE පෙරමුණට

නිශ්මං රණසිංහ ජනවාරි 09, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා විස්සයි...

වත්මන් රජය පිළිබදව ජාත්‍යන්තරයෙන් දැඩි විශ්වාසයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW : ජනතාව රජයට ගෙවන...

පිලිපීනයේ කුණු කන්දක් කඩා වැටීමෙන් එක් අයෙකු මියගොස් 38 දෙනකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පිලිපීනයේ සෙබු නගරයේ...

ආපදා කළමනාකරණ සැලසුමකට සජිත්ගෙන් නව යෝජනාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රැකියා විරහිත උපාධිධාරීන් ද උපයෝගි කර ගෙන...