දිලිත් ඇතුළු පිරිසට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ නඩුව ඔක්. 15 දින යළි කැඳවයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW :

පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර සහ හිටපු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ හා උදය ගම්මන්පිල ඇතුළු පුද්ගලයන් හය දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති අධිකරණයට අපහාස කිරීමේ නඩුවක් ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විමර්ශනයට ලක්ව තිබේ.

මෙහිදී අදාළ පාර්ශ්වයන් නියෝජනය කරන නීතිඥවරුන්ට අවශ්‍ය ලේඛන සහ තොරතුරු ලබා දෙන ලෙස අධිකරණ රෙජිස්ට්‍රාර්වරයාට විනිසුරු මඩුල්ල විසින් නියෝග කර ඇත.

එම ලිපිලේඛනවල ප්‍රගතිය සමාලෝචනය කිරීම පිණිස නඩුව ඔක්තෝබර් 15 වැනි දින යළි කැඳවීමට නියමිතව ඇත.

තවද, නීතිඥවරුන්ට තම කරුණු දැක්වීම සඳහා ඉදිරිපත් වීමට අවස්ථාව සලසමින් එන ඔක්තෝබර් 23 වැනි දින පස්වරුවේ මෙම නඩුව යළිත් අභියාචනාධිකරණය හමුවේ විභාගයට ගැනීමට නියමිත බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ක්ෂය රෝග මර්දනයට ඉන්දීය රජයෙන් අතහිත!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : රුපියල් මිලියන 52...

හිටපු ඇමති බෝගොල්ලාගමත් අත්අඩංගුවේ!

කොළඹ LNW:හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම අල්ලස් හෝ දුෂණ චෝදනා...

CAA අලුත් වැඩක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : පලතුරු ඉදවුම් කිරීමේ...

හිටපු ජනාධිපති ගෝඨාගේ හිටපු ලේකම් තවදුරටත් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : හිටපු ජනාධිපති ගෝඨාභය...