ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පතට එරෙහිව විරෝධතාවක්!

කොළඹ LNW:පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුලත් කර තිබූ ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය හා සමාජ මාධ්‍ය ප්‍රකාශනය සඳහා වූ සාමුහිකය විරෝධයක් ඊයේ (06) පාර්ලිමේන්තු වටරවුම ඉදිරිපිටදී පවත්වනු ලැබීය.

මෙම විරෝධය සඳහා ජනමාධ්‍යවේදීන්ට අමතරව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ එම් ඒ සුමන්තිරන්, යුක්තිය පුවත්පතේ හිටපු කර්තෘ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය, ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් ඇතුළු පිරිසක් සහභාගි විය.

භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස මර්ධනය කරන එම පනත් කෙටුම්පත වහා හකුළා ගන්නා ලෙස එහිදී ඉල්ලා සිටි අතර ‘ මර්දනය වූ ජවිපෙ ජනතා මර්දනය රැගෙන එයි, ලැජ්ජයි’, ‘Share කොළොත් හිරේද? සමාජ මාධ්‍යයට විලංගු නොදමනු’, ‘පුද්ගල නිදහස රාජසන්තක කරන PSTA එපා’ ආදිය විරෝධතා පුවරුවල සටහන් කර තිබුණි.

ජායාරූප -අජිත් සෙනෙවිරත්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශිරන්තිව අධිකරණයට රැගෙන යයි!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අද...

ලොව නිදහස්ම ආර්ථිකය ලෙස හොංකොං විශේෂ පරිපාලන කලාපය යළිත් ඉදිරියෙන්!

කොළඹ LNW:ලොව නිදහස්ම ආර්ථිකය ලෙස හොංකොං විශේෂ පරිපාලන කලාපය...

ක්ෂය රෝග මර්දනයට ඉන්දීය රජයෙන් අතහිත!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : රුපියල් මිලියන 52...