දේශීය පුවත් විස්තරය: සාරාංශය 10/07

Date:

1. ශ්‍රී ලංකාව තුළ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කරන බව පවසන යෝජනාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වැනි සැසිවාරයේදී සම්මත වෙයි – පක්ෂව ඡන්ද 20; විපක්ෂව ඡන්ද 7; ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීම් 20

2. 2022 හි පළමු භාගයේදී ශ්‍රී ලංකාවේ සැබෑ ආර්ථිකය සියයට 4.8 ක පසුබැස්මක් – 2022 හි දෙවන භාගයේදී ද ඇස්තමේන්තු කර ඇති පරිදි එවැනි පසුබැස්මක් අපේක්ෂා කරයි – අප්‍රේල් 1 සිට සැප්තැම්බර් 30 දක්වා රජයට දැරීමට සිදුවූ අතිරේක රු. බිලියන 540 ක අතිවිශාල වියදමක් නිසා පොලී අනුපාත ද ඉහළට!

3. ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් – ණය ප්‍රතිව්‍යුහගත කිරීමට පහසුකම් සැලසීම සඳහා ණයහිමි රටවල් වන ඉන්දියාව, චීනය සහ ජපානය සමඟ හැකි ඉක්මනින් ගිවිසුමකට එළඹීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බව පවසයි.

4. ජපානය ශ්‍රී ලංකාවේ ණය හිමියන් සමඟ ණය සමුළුවක සම-සභාපතිධුරය හෙබවීමට තවමත් එකඟතාවකට පැමිණ නැති බව ජපාන රජයේ නිලධාරියෙකු ටෝකියෝවේදී පවසයි.

5. දැනට පවතින අධ්‍යයනය කිරීම් වලින් ශ්‍රී ලංකාවේ බැංකු නැවත ප්‍රාග්ධනීකරණය කළ යුතු බවට පෙන්නුම් කරන්නේ නම්, එය කිරීමට සිදුවනු ඇති බව මහබැංකු නියෝජ්‍ය අධිපති ඉවෙට් ප්‍රනාන්දු (Yvette Fernando) පවසයි – Covid අර්බුදය, පොලී අනුපාත වැඩිවීම්, බැඳුම්කර පාඩු සහ මන්දගාමී ආර්ථිකයේ අයහපත් ණය වලින් සමස්ත බැංකු පද්ධතියම දැඩි අවදානමක!

6. රජය සතු ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීම සහ එක්ස්ප්‍රස් පර්ල් නැව් අනතුරට වන්දි වශයෙන් ඩොලර් බිලියන 2 – 3 පමණ මුදලක් අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරයි – 2019 දී දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 14ක් බදු හරහා උපයාගත් බවත්, නැවත වරක් එම මට්ටමට බදු වැඩි කිරීමට අදහස් කරන බවත් පවසයි.

7. ඉදිරි පියවරයන් ගැනීමට පෙර ශ්‍රී ලංකාව අදාළ සියලුම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි ප්‍රතිපත්තිවලට අනුකූල වන තෙක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බලා සිටින බව එහි දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘවර් (Peter Breuer) පවසයි – විස්තීරණ අරමුදල් පහසුකම යටතේ මාස 48 ක කාලයකට යටත්ව ඩොලර් බිලියන 2.9 ක පමණ මුදලක් ලබා දීමට කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණි බව තහවුරු කරයි.

8. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර කෝප් (CoPE) කමිටුවේ සභාපති ලෙස තේරී පත් වෙයි – ඔහු ඡන්ද 15ක් ලබා ගන්නා අතර සමඟි ජන බලවේගයේ මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න ඡන්ද 7ක් ලබා ගනී.

9. ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම පිළිබඳ ජනාධිපතිවරයා සහ මහ බැංකු අධිපතිවරයාගේ සහතික කළද, කොළඹ කොටස් වෙළඳපොළ ආපසු සෘණාත්මක තත්ත්වයකට! – සියලුම කොටස් මිල දර්ශකය (ASPI) සියයට 1.5 කින් පහතට – ඔක්තෝබර් මාසයේ පළමු වෙළඳ දින 02 තුළ වටිනාකමින් රු. බිලියන 300 කට අධික පාඩුවක් කොටස් වෙළඳපොලට!

10. පොලිස් නිලධාරීන්ගේ පත්වීම් සම්බන්ධයෙන් තමා කිසිදු බලපෑමක් කර නොමැති බව මහජන ආරක්‍ෂක අමාත්‍ය ටිරාන් අලස් ප්‍රකාශ කරයි! – සියලුම පත්වීම් සහ ස්ථාන මාරුවීම් නිසි ක්‍රමවේදයකට අනුව සිදුවන බව පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහරගම අපේක්ෂා රෝහලට රු. මි. 600 ක වටිනාකමකින් යුත් පස්මහල් ළමා වාට්ටු සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW රෝහල්වල ඉදිකිරීම් දීර්ඝ කාලීනව...

දරුවන්ට අහිතකර ප්ලාස්ටික් නිෂ්පාදන ගැන රජය දැඩි තීන්දුවක!

කොළඹ LNW:ඉදිරි මාස දෙකක කාලය ඇතුළතදී දරුවන්ගේ සෞඛ්‍යයට අහිතකර...

අණ නොතකා ධාවනය කළ යතුරුපැදියකට පොලිසීය වෙඩි!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW අද (3) දහවල්...