*
Tuesday, March 19, 2024
spot_img

Latest Posts

පවර් ප්ලේ හොඳනම් දිනන්න ඉඩ වැඩියි – පකිස්තානය පරාජය කළ තායි කෙල්ලන්ගේ පුහුණුකරු

අද ආසියාතික කාන්තා 20/20 ක්‍රිකට් තරගාවලියේ නොසිතූ පරාජයකට පකිස්තානය ඇඳ දැමූ තායිලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හර්ෂාල් පඨාක් ප්‍රකාශ කළේ තරගාවලිය පැවත්වෙන තණතීරුවල පවර් ප්ලේ ඉත වැදගත් සාධකයක් බවත්,එහිදි වඩා දක්ෂතා දක්වන කණ්ඩායමට තරගය ජයග්‍රහණය කළ හැකි බවත්ය.ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේ ප්‍රතිවාදීන් කවුරුන්ද යන්නනොසිතා ආක්‍රමණික වීම සිය කණ්ඩායමේ ස්වභාවය බවය.එය මේ දක්වා තරග කිහිපයකට හෝ වරක් අනපේක්ෂිත ජයග්‍රහණ ගෙන දෙන බව පැවසූ හර්ෂාල්,එය සිය කණ්ඩායමට ප්‍රවීනත්වයට සමීප වීමට මාර්ගයක් බව පෙන්වා දුන්නේය.

කාසියේ වාසියෙන් පසුව පළමුව පන්දුවට පහර දීමට පිවිසි පකිස්තාන කණ්ඩායමට තායිලන්ත පන්දු යැවිමේ බල ඇණිය එල්ල කළ පීඩනය සුළු පටු නොවිණි.එහිදී පන්දු රැකීමෙන් ඊට ලැබුණ සහයද වැදගත් විය.පකිස්තාන ඉණිම තායිලන්ත පන්දු රැකීම සහ යැවීම මැද පෙරට ගෙන යාමේ වගකීමට තනියෙන් උර දෙන්නට ආරම්භක පිතිකාරිණිය සිද්රා අමීන්ට සිඳු විය.ඇය පකිස්තාන ඉණිමේ දැවී ගිය අවසාන කඩුල්ල වූ පස්වන කඩුල්ල ලෙස අවසාන ඕවරයේ පන්දු තුනක් ඉතිරිව තිබියදී දැවී යන විට ලකුණු පූවරුව 110 ක් වූ අතර ඇය පෞද්ගලිකව පන්දු 64 දී ලකුණු 56 ක් එක් කරගෙන තිබිණි.ඉතිරි පන්දු තුනෙන් දෙකකට මුහුණ දුන් අලියා රියාස් හතරේ පහරක්ද සමඟ ලබා ගත් ලකුණු 5 ත් සමඟ පන්දු තුනට පකිස්තානයට ලකුණු 6 ක් එක් විය.අලියා නොදැවී ලකුණු 9 ක් ලබා සිටි අතර පකිස්තාන ඉණිම ලකුණු 116 ට සීමා විය.

පිළිතුරු ඉණිමේදී හර්ෂාල් පැවසූ පරිදි කඩුලු ලබා නොදෙමින් නන්නාපාත් කොන්චරොන්කායි (13) සහ නන්තකාම් චම්තාම් (61) පළමු කඩුල්ලට එකතු කළ ලකුණු ගණන 40 ක් විය.කෙසේ නමුත් ජාත්‍යන්තර අත්දැකීම් ඇති පකිස්තානය තායිලන්තය වෙනුවෙන් බර කරට ගෙන සිටි නන්නාපාත් දවා ගැනීම සඳහා සෑම උගුලක්ම ඇට වූ අතර එය යම්තාක් දුරට සාර්ථක වෙමින් තරගයේ 19 වන ඕවරයේ 4 වන පන්දුවේදී ඇයව දවා ගනිමින් පකිස්තානය තරගයට අවතීර්ණ විය.එවිට ජයග්‍රහණය සඳහා තායිලන්තයට පන්දු 8 ක් තුළ අවශ්‍යයය තිබුණු ලකුණු ගණන 12 කි.පකිස්තානය සහ තායිලන්ත ක්‍රිකට් පෞරුෂයන් හා සසඳද්දී මේ තත්ත්වය පකිස්තානයට තරගය සියතට ගැනීමට හොඳටම ප්‍රමාණවත් සාක්ෂියකි.

ඒත් අංක 8 පිතිකරු ලෙස නන්නාපාත් දැවීයාමෙන් පසුව පිටියට පිවිසි රොසේනාන් කැනෝ පන්දු 5 ක් තුළ ලකුණු 9 ක් එක් කළේ පකිස්තානු බලාපොරොත්තු විනාශ කරමින්ය.හර්ෂාල් මේ ජයග්‍රහණයේ විශාලම දායකත්වය නන්තකාම් චම්තාම් ට පවරමින් ස්තූතිය ප්‍රකාශ කළ අතර ඇය තරගයේ වීරවරියද වූවාය.
පකිස්තානයට එරෙහිව තායිලන්තය ලැබූ ජය යම් ආකාරයකින් ශ්‍රී ලංකාවේ මානසිකත්වයට යහපත් වන අතර,මේ වන විට කායිලන්තය පරාජය කර සිටින ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට මෙය යම් ආකාරයක පහසු තත්ත්වයක් පකිස්තානයට එරෙහි තරගයේදි ඇති කරන්නට ඉඩ ඇත.එහිදී හර්ෂාල් පැවසූ වචන ආදේශ කර ගනිමින් පවර් ප්ලේ ඇතුළත නොදැවී සිටිමින් ද,ඊට චමරිගේ කඩුල්ල මුලින්ම දැවී යන්නට ඉඩ ආවරණය කරමින්,හර්ෂිතාගේ සහයට හසිනි පෙරේරා හෝ කෞශනී නෘත්‍යාංගනා කැදවා චමරි පිතිකරු නාමාවලියේ පහතට ගෙන යාමද වැදගත් වෙනු ඇත.පන්දු යවන්නියන් ගැන මේ ක්‍රීඩා කරන ස්වභාවය අනුව බය වෙන්නට තරම් දෙයක් නැත.ඔවුන්ට ආරක්ෂා කළ හැකි මට්ටමක ලකුණු පූවරුවක් තනා දීම පිතිකරු අංශයේ වගකීමය.එසේම පන්දු යැවීමෙන් ලකුණු සීමා කරන ප්‍රතිවාදී ලකුණු පූවරුව අභිබවා යාමේ වගකීම ද පිතිකරුවන්ට අයිති වගකීමකි.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan