විශිෂ්ඨ සේවයක් කළ මහරගම දුම්රිය ගේට්ටු සේවකයා !

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මහරගම දුම්රිය ස්ථානයට මීටර් 600ක් පමණ කොට්ටාව දෙසින් පිහිටි ඉඩමක තිබූ වසර 40ක් පමණ පැරණි කොස් ගසක් එලෙස දුම්රිය මාර්ගයට කඩාවැටී තිබේ. එම කොස් ගස දුම්රිය මාර්ගයට වැටී විනාඩි 02ක් වත් ගතවීමට මත්තෙක් කොළඹ දෙසට දුම්රියක් ධාවනයවීමට නියමිතව තිබුණු නමුත්, සිදුවන්නට ගිය විශාල අනතුරක් වළක්වා ගැනීමට දුම්රිය ගේට්ටුවේ සේවය කළ සේවකයාට හැකිවී ඇති බව සඳහන් වේ.

අවිස්සාවේල්ල සිට කොළඹ බලා උදෑසන 8ට පමණ දුම්රිය ධාවනය වෙමින් තිබියදී මහරගම ගුරු විද්‍යාලය අසල පිහිටි ඉඩමක තිබූ මෙම කොස් ගස මුලින් ඉදිරී දුම්රිය මාර්ගයට වැටී ඇත. එම සිදුවීම අසල තිබූ CCTV කැමරාවක ද සටහන් වී තිබුණි.

හිදී වහා ක්‍රියාත්මක වූ ගේට්ටු මුරකරු කොට්ටාව දෙසට මීටර් 200ක් පමණ දුර දිවගොස් දුම්රිය නතර කිරීමට සංඥා කර ඇති අතර ,එසේ නොමැති නම් දුම්රිය මාර්ගයට වැටී තිබූ ගසේ දුම්රිය ගැටීමෙන් විශාල අනතුරක් සිදුවීමට තිබූ බව වාර්තා වේ.

එම සිද්ධියෙන් පසුව දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයින් සහ පොලීසිය මහජනතාවගේ ද සහාය ඇතිව විනාඩි 30ක් ඇතුළත කොස් ගස කපා දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත්කිරීමට පියවර ගෙන ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සමාජ මාධ්‍යවලින් දරුවන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සමාජ මාධ්‍ය වේදිකා හරහා ළමුන්ට වන හානියෙන්...

මූල්‍ය වංචා සහ සූදු ජාවාරම් මෙහෙයවූ පුද්ගලයින් සිව්දෙනෙකුට චීනය විසින් මරණ දඬුවම ක්‍රියාත්මක කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මියන්මාරය කේන්ද්‍ර කරගනිමින්...

මහජන අවශ්‍යතා මත චීන ණය ගිවිසුම ප්‍රසිද්ධ කරන ලෙස RTIC නියෝග කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, කොළඹ LNW : ශ්‍රී ලංකා රජය...

එක්සත් ජනපදය පීඩනය මැද කියුබාව ආරක්ෂක තර්ජන චෝදනා ප්‍රතික්ෂේප කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...