විශිෂ්ඨ සේවයක් කළ මහරගම දුම්රිය ගේට්ටු සේවකයා !

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මහරගම දුම්රිය ස්ථානයට මීටර් 600ක් පමණ කොට්ටාව දෙසින් පිහිටි ඉඩමක තිබූ වසර 40ක් පමණ පැරණි කොස් ගසක් එලෙස දුම්රිය මාර්ගයට කඩාවැටී තිබේ. එම කොස් ගස දුම්රිය මාර්ගයට වැටී විනාඩි 02ක් වත් ගතවීමට මත්තෙක් කොළඹ දෙසට දුම්රියක් ධාවනයවීමට නියමිතව තිබුණු නමුත්, සිදුවන්නට ගිය විශාල අනතුරක් වළක්වා ගැනීමට දුම්රිය ගේට්ටුවේ සේවය කළ සේවකයාට හැකිවී ඇති බව සඳහන් වේ.

අවිස්සාවේල්ල සිට කොළඹ බලා උදෑසන 8ට පමණ දුම්රිය ධාවනය වෙමින් තිබියදී මහරගම ගුරු විද්‍යාලය අසල පිහිටි ඉඩමක තිබූ මෙම කොස් ගස මුලින් ඉදිරී දුම්රිය මාර්ගයට වැටී ඇත. එම සිදුවීම අසල තිබූ CCTV කැමරාවක ද සටහන් වී තිබුණි.

හිදී වහා ක්‍රියාත්මක වූ ගේට්ටු මුරකරු කොට්ටාව දෙසට මීටර් 200ක් පමණ දුර දිවගොස් දුම්රිය නතර කිරීමට සංඥා කර ඇති අතර ,එසේ නොමැති නම් දුම්රිය මාර්ගයට වැටී තිබූ ගසේ දුම්රිය ගැටීමෙන් විශාල අනතුරක් සිදුවීමට තිබූ බව වාර්තා වේ.

එම සිද්ධියෙන් පසුව දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයින් සහ පොලීසිය මහජනතාවගේ ද සහාය ඇතිව විනාඩි 30ක් ඇතුළත කොස් ගස කපා දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත්කිරීමට පියවර ගෙන ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වවුනියාව විශ්වවිද්‍යාලයේ Technology Incubation Centre විවෘත වෙයි!

රෂිකා හෙන්නායක ජනවාරි 26, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ විද්‍යා...

මානසික පීඩාවන්ගෙන් පෙළෙන වැඩිහිටියෙකු බිහිවන්නේ ඇයි?

රෂිකා හෙන්නායක ජනවාරි 26, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ වැඩිහිටි...

2025 ආසියා බර්ලින් සමුළුවේදී ශ්‍රී ලාංකික නවෝත්පාදනයන් විශ්මයට පත් කරයි!

රෂිකා හෙන්නායක ජනවාරි 26, කොළඹ LNW : 2025 ආසියා බර්ලින්...