රනිත්මා ඇමෙරිකාවේ වෙරෝනිකා පරදවයි

සටහන – නිශ්මං රණසිංහ

ඔක්තෝබර් 08, (LNW) කොළඹ : ශ්‍රී ලංකාවේ වර්ථමාන බැඩිමින්ටන් සූරිය වන රනිත්මා ලියනගේ ලෝක කනිෂ්ඨ බැඩිමින්ටන් සූරතාවලියේ දී කාන්තා ඒකල තරග වටයේ සිය දෙවන ජයග්‍රහණය අත් කර ගන්නට සමත් වූවාය.ඇය වට 2-0 ක් ලෙස පරාජයට පත් කරනු ලැබුවේ ඇමෙරිකාවේ වෙරෝනික යන්ග් ය.විනාඩි 35 ක් ගත් වූ එම තරගයේ ලකුණු තත්ත්වය දැක් වුණේ 21-14 සහ 21 – 16 ක් ලෙසය.ඒ අනුව ජයග්‍රාහි රනිත්මා, අවසන් 32 වටයේ දී තරග කරන්නට නියමිතව ඇත්තේ වියට්නාමය නියෝජනය කරන බුයි බිච් පොන්ග් සමඟය.

ශ්‍රී ලංකාවේ රශ්මි මුදලිගේ ද අවසාන 64 දෙනාගේ වටයේ දී මැලේසියාවේ ඔන්ග් ෂින් යී සමඟ තරග වැදුණා ය.ඇය මැලේසියානු ක්‍රීඩිකාව ඉදිරියේ ලකුණු 21-11 සහ 21-12 ක් ලෙස පරාජය ලැබුවාය.

http://www.sportwaynews.com

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ටෝකියෝ හිදී රිද්මය සොයාගත් Leylah Fernandez පෑන් පැසිෆික් ඕපන් අවසන් සටනට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ක්‍රීඩා පිටියේදී එල්ල...

TIN අංකය අනිවාර්ය කිරීමේ නව නීති

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ දේශීය...

දත්ත අවියක් කර ගැනීම : මැතිවරණවල නීත්‍යානුකූලභාවය නැති කිරීමට ව්‍යාජ දත්ත භාවිත වන ආකාරය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : නූතන ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය...

තුන්කොන් සටනේ අවසන් මහා තරගය: පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අද තරඟ බිමට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ඉංගලන්තය, පාකිස්තානය සහ...