IMF නියෝජිත හමුවේදී ඇත්තටම මොකක්ද වුණේ? මෙන්න කැබිනට් ප්‍රකාශකගේ පැහැදිලි කිරීම

Date:

කොළඹ LNW: පසුගියදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අතර පැවති සාකච්ජාව සංකල්පීය මට්ටමේ සාකච්ජාවක් පමණක් වූ අතර එහිදී ව්‍යුහාත්මක වෙනස්කම ගැන සාකච්ජා නොවුණු බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසුවේය.

ඒ, අද (08) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීය.

නර රජය ලෙස ඉදිරි කටයුතු පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සාකච්ජා කළ නමුත් ව්‍යුහාත්මක වෙනස්කම් පිළිබඳ සාකච්ජා වන්නේ නිලධාරී මට්ටමේ සාකච්ජාවේදී බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ඒ අනුව එම සාකච්ජාව මෙම මස අගභාගයේදී පැවැත්වීමට නියමිත අතර ඊට මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්, මහ බැංකු නිලධාරීන් මෙන්ම ජනාධිපතිවරයාගේ ආර්ථික කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශකතුමන් ද සම්බන්ධ වන බව විජිත හේරත් මහතා කියාසිටියේය.

එම සාකච්ජාවේදී අවශ්‍ය හරයාත්මක වෙනස්කම් ගැන සාකච්ජා කිරීමට නියමිත බවයි අමාත්‍යවරයා පැවසුවේ.

කෙසේවෙතත් ජනතාව පීඩාවට පත්ව තිබෙන ඇතැම් බදු වැඩිකිරීම් ගැන ජනාධිපතිවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන්ට පවසා තිබෙන අතර ඉදිරියේදී අදාළ වෙනස්කම් කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හොංකොංහි ධනපතියකු වන ජිමී ලායිට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හොංකොංහි...

අපි විශ්වාස කරනවා රිය අනතුර වෙද්දී රන්වල මන්ත්‍රීතුමා බීමතින් හිටියේ නැහැ කියලා – ඇමති නලින්ද

රිය අනතුර සිදුවන අවස්ථාවේදී අශෝක රන්වල මන්ත්‍රීවරයා බීමතින් නොසිටියේ...

ජනාධිපති ට්‍රම්ප් BBCයෙන් ඩොලර් බිලියන පහක් ඉල්ලා නඩු පවරයි ?

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත්...

සමස්තයක් ලෙස වසරේ පළමු මාස නවයේ ආර්ථික වර්ධන වේගය 5% ක්

තුන්වන කාර්තුව තුළ ශ්‍රී ලංකා ආර්ථිකය 5.4%ක වර්ධන වේගයක්...