මහනුවර දිස්ත්‍රිකයේ පළමු නාම යෝජනාව ජන සෙත පෙරමුණින්.

Date:

සටහන – නදීක දයා බණ්ඩාර

ඔක්තෝබර් 08, (LNW)මහනුවර; මහ මැතිවරණය සඳහා මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පළමු නාම යෝජනාව ජන සෙත පෙරමුණ අද (08) පෙරවරුවේ භාර දුන්නේය.
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී නාම යෝජනා භාර ගැනීම සිදුවන අතර තේරීම් භාර නිලධාරී චන්දන තෙන්නකෝන් මහතා සහ නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් ආචාර්ය සම්පත් ප්‍රනාන්දු මහතා හමුවේ ජන සෙත පෙරමුණු මහනුවර දිස්ත්‍රික් කණ්ඩායම් නායක මොහොමඩ් නසාර් සහ සහ කණ්ඩායම් සාමාජික ප්‍රසාද් තුෂාර දිසානායක යන මහත්වරුන් සිය නාම යෝජනා භාර දෙන ලදි.

ප්‍රසාද් තුෂාර දිසානායක, මොහොමඩ් නසාර්, ප්‍රදීප් රණසිංහ, චමිල බණ්ඩාර ජයරත්න,එච්.පී.කුසුමාවති, රසිදා බේගම්, මොහොමඩ් කරීම්, දීපිකා ප්‍රියදර්ශනී, ශාමලී මධුවන්තී, ධනුෂ්ක දිනේෂ් ධර්මකීර්ති, ලක්ෂාන් රමේෂ් ඉද්දමල්ගොඩ, ප්‍රදීප් බස්නායක, මංජුල බණ්ඩාර අබේකෝන්, ගිමන්ති සංජීවනී, හරිස්චන්ද්‍ර ද සිල්වා යන මහත්ම මහත්මීන්ගෙන් ජන සෙත පෙරමුණු මහනුවර දිස්ත්‍රික් කණ්ඩායම සමන්විතය.

ඉකුත් 04 වන දින ආරම්භ වූ නාම යෝජනා භාර ගැනීම මෙම මස 11 වන දින දහවල් 12.00 දක්වා ක්‍රියාත්මක වන බව මහනුවර දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී චන්දන තෙන්නකෝන් මහතා සඳහන් කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තිදෙනෙකුට ජීවිත අහිමි කළ මාරක රිය අනතුර!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: අද (08) සවස,...

ඉන්දියාව සහ මැලේසියාව අතර ශක්තිමත් සබදතාවක් !

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර...

“නඩු අත්හැරීමේ කතා අසත්‍යයි” – නීතිපතිවරයාගෙන් දැඩි ප්‍රතික්ෂේපයක්

“නඩු අත්හැරීමේ කතා අසත්‍යයි” – නීතිපතිවරයාගෙන් දැඩි ප්‍රතික්ෂේපයක්

සීතලෙන් බැඳි යදම් බිඳ,තමන්ට කියා සංගමයක් නැති මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ නව ජාතික වාර්තා තබති

නිශ්මං රණසිංහ පෙබරවාරි 08, කොළඹ LNW: ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා...